හෙලිකොප්ටර් 04 ක් මිලට ගන්න අනුමැතිය | සිළුමිණ

හෙලිකොප්ටර් 04 ක් මිලට ගන්න අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ජාත්‍යන්තර ලංසු කැඳවීම මගින් ගුවන් හමුදාවට භාවිතා කළ හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින පුහුණු කිරීමේ හෙලිකොප්ටර් යානා 02 ක 1981 වර්ෂයේ නිෂ්පාදිත පැරණි තත්ත්වයේ පවතින නිසා ඒ වෙනුවට මෙම හෙලිකොප්ටර් යානා හතර යෙදවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.        

මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ රාජකාරි කටයුතුවල නිරත වන බැවින් ඔවුන්ගේ පුහුණුවීම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා  අවශ්‍යව ඇතැයි ද ඇමැතිවරයා කීවේය. 

 

Comments