මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙක් | සිළුමිණ

මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ්, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රානී ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන අයයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව පසුගිය පෙබරවාරි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ද ජූනි 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය රානි ජයමහ සහ සමන්ත කුමාරසිංහ ද මුදල් මණ්ඩලයේ  සාමාජිකයින් ලෙස පත් කර ඇත.

 

Comments