උතුරු - දකුණු කොරියා යුද උණුසුම පහව යයි | Page 4 | සිළුමිණ

උතුරු - දකුණු කොරියා යුද උණුසුම පහව යයි

උතුරු කොරියානු දේශසීමාවේ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර ඇති අන්දම සහ ඒවා ඉවත් කර ඇති අන්දම

පසුගිය සතිය වන විට කොවිඩ් ව්‍යප්තිය අමතක කළ මිනිසා යළිත් තම පැරණි ජීවන රටාවට ප්‍රවිශ්ට වෙමින් සිටින බවට ඉඟි සැපයීය. ඒ අතරින් ප්‍රධාන වූයේ ලෝකයේ තැනින් තැන යළි යුද උණුසම ඇතිවීමයි.

උතුරු සහ දකුණු කොරියා දෙරටද පසුගිය සතියේ එලෙස එකිනෙකා වෙත ආයුධ අමෝරා ගැනීමට කටයුතු කළ රටවල් දෙකකි. මෙවර ඔවුන්ගේ ගැටුමට හේතු වී තිබුණේ ‌ද මත ගැටුමකි. එහිදී දකුණු කොරියාව තම සතුරා ලෙස ප්‍රකාශ කළ උතුරු කොරියාව දේශසීමාවේ යම් යම් ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරමින් ඒ ඔස්සේ තම රටවැසියන් දැනුම්වත් කිරීමට කටයුතු කර සිටියේ යම් අවස්ථාවක එල්ල විය හැකි දකුණු කොරියානු ප්‍රහාරයක් පිළිබඳ බිය පළ කරමිනි.

එපමණක්ද නොව ඔවුන් දකුණු කොරියානු ක්‍රියාමාර්ග සම්බන්ධව දැනුම්වත් කරමින් දේශසීමාව ආසන්නේ ජනතාව අතර අත්පත්‍රිකා බෙදා හැරි බවද දකණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අත්පත්‍රිකා මගින් 2018 වසරේදී කොරියා දෙරට අතර ඇති කරගත් සබැඳියාව බල විරහිත බවට ජනතාවට දැනුම් දී තිබේ.

කෙසේ වුවද මේ වන විට තම සටන් සූදානම අත් හැරීමට තීරණය කර ඇති උතුරු කොරියානු නායකයා දේශසීමාව ආසන්නේ ස්ථාපිත කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රද ඉවත් කර ගනිමින් තිබෙන බව වාර්තා වේ.

පසුගියදා උතුරු කොරියානු නායකයා තම රටේ මධ්‍යම මිලිටරි කොමිසම හමුවූ අතර එහිදී දෙරට අතර මත ගැටුම යුදමය තත්ත්වයක් දක්වා යා යුතු නැති බවට තීරණය කර තිබේ. උතුරු කොරියානු නායකයාගේ මේ තීරණය බොහෝ දෙනාගේ විමතියට හේතු වී ඇත්තේ කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමෙන් තොරව ඔවුන් මේ තීරණයට පැමිණ ඇති බැවිනි.

අමෙරිකා ජනාධිපති ධූරයට ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසුව ඔහු උතුරු කොරියාවට විශේෂ අවධානයක් යොමු කළ අතර උතුරු - දකුණු කොරියා දෙරට අතර සාමය ඇති කිරීමේ වෑයමකද යෙදුණේය. එහිදී දෙරටේ නායකයන් දෙදෙනා තම දේශසීමාවන් අසලදී හමු වී දෙදෙනාගේ රටවල දේශසීමාවන් පියවර කිහිපයකින් තරණය කරමින් මිත්‍රතත්වය විදහා පෙන්වීමටද කටයුතු කළහ.

එහෙත් මේ වන විට ට්‍රම්ප් විසින් ගොඩගැනීමට උත්සාහ කළ සාමාකාමී වාතාවරණයන් කඩා වැටෙමින් පවතින අතර උතුරු - දකුණු කොරියා දෙරටද යළි තම පැරණි සතුරුකම් යළි කැඳවමින් සිටින බව පෙනේ.

Comments