මහ ඡන්දේ සෞඛ්‍ය උපදෙස් අද කොමිසමට | සිළුමිණ

මහ ඡන්දේ සෞඛ්‍ය උපදෙස් අද කොමිසමට

එළඹෙන මහමැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශනය සෞඛ්‍ය බලධාරීන් විසින් සකස් කර තිබේ.

අද දින එය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලැබීමට සළස්වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

මහමැතිවරණය පැවැත්වීමේදී මෙවර ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දී ඇති නිසා පෙර පැවැත්වූ මැතිවරණයවලට වඩා යම් යම් වෙනස්කම් සිදුකිරීමට මැතිවරණ කොමිසම ද දේශපාලන, සෞඛ්‍ය පරිපාලන ආරක්ෂක අංශ සමග අවස්ථා කිහිපයකදී ම සාකච්ඡා කර තිබිණි.

ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල යෙදිය යුතු බවට ද සාකච්ඡා වී ඇත.

Comments