
එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වන දා උදෑසන 8 අරඹන බවත්, ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය එදින සවස 4 වන විට ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (30) පැවති සාක්ච්ඡාවකට එක්වෙමිනි.
මහ මැතිවරණය අගෝස්තු 5 වන දින පැවැත් වේ.