සිරවී සිටි 319ක් අදත් ලංකාවට | Page 4 | සිළුමිණ

සිරවී සිටි 319ක් අදත් ලංකාවට

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 3 ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදුකෙරිණි.

මගීන් 319දෙනකුට එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහය ලැබුණු අතර, ගුවන් යානා 5 ක් යොදා ගැණිනි.

පළමුව, ගුවන් මගීන් 221 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය එංගලන්තයේ ලන්ඩන් නුවර, හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට දහවල් 12.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එයින් පැමිණි මගීන් පිරිස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 866 දරන ගුවන් යානයෙන් අද 15 දින සවස 3.00 ට චීනයේ ෂැංහයි නුවර වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හරිනු ලැබිණි.

ඉන් අනතුරුව කොරෝනා වසංගත රෝගී තත්වය නිසා චීනය වෙත යෑමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන , සවස 3.47 ට මාලදිවයින් ගුවන් සේවයට අයත් කිව්.2- 6940 දරන ගුවන් යානය මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඊට අමතරව තවත් එවැනිම ගුවන් මගීන් 63 දෙනෙකු රැගෙන සවස 5.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානය ද මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මාලදිවයිනේ සිට ආ එම ගුවන් මගීන් චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව යන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් රාත්‍රී 8.30 රැගෙන යෑමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 237 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය හෙට 16 දින අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

Comments