
නඩු කටයුතුවලට අදාල කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල සංශෝධනයක් සිදු කර තිබේ.
ඒ ඇඳිරි නිතිය ඇතුළු පැවති සීමාවන් සැලකිල්ලට ගෙනයි.
මෙම සංශෝධනයට අනුව නඩු කටයුතුවලට අදාලව සති 06ක කාලය ගණනය කිරීමේදී ඉකුත් මාර්තු 16 වනදා සිට මැයි මස 18 වනදා දක්වා කාලය නොසලකා හැරෙනු ඇති.
ඊට අදාල ගැසට් නිවේදනය ඉකුත් 06 වැනිදා දිනැතිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කෙරිණ.