
මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 4ක් වෙනුවෙන් තම පක්ෂය බාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අපේක්ෂකත්වය දරන අපේ ජන බල පක්ෂය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කරගෙන ඇත.
මෙම පෙත්සම් අද (25) සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු සහ ඇස්.තුරෙයිරාජා යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙම කරුණ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉකුත්දා තීන්දුවක් ලබාදී ඇති හෙයින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දී ඇත.