
(ප.ව 05.30)
මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළේය.
එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මේ බව අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.
ජාතික ලැයිස්තු ධූරයට නීතිමය ගැටලුවක් - Update
ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා නම් කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නම සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළුව විසඳා ගැනීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව අපේ ජන බල පක්ෂය පවසයි.
එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා කියා සිටියේ ඊට අදාළ ලිපිය අද (09) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කළ බවයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ කුරුණෑගල නාමයෝජනා ප්‍රතික්ෂේප වීමත් සමග මෙම ගැටලුව පැණ නැගී ඇත.