පෙත්සම් අදම විමර්ශනයට පියවර | සිළුමිණ

පෙත්සම් අදම විමර්ශනයට පියවර

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(12) දිනයේ සලකා බැලීමට නියමිතය.

ඒ අනුව අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12ක් ගොනු කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

Comments