
කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු පිරිස 126 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අද දින තවත් 6 දෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.
මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ මධ්‍යම රාත්රියේදී පන්සියය ඉක්මවා ගියේය.
පැය විසිහතරකදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ගණන 63ක්.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 523ක් ලෙස සටහන් වුණි.