
ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළ තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මේ අතර පුද්ගලයින් 335 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.