නාවික සෙබලූන්ට සංචාරණ සීමා කෙරේ | Page 4 | සිළුමිණ

නාවික සෙබලූන්ට සංචාරණ සීමා කෙරේ

රාජකාරීවල නිරත ති‍්‍රවිද හමුදා සාමාජිකයන්ගේද ආරක්ෂාව සඳහා විවිධ පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ අතර සියලූම නාවික හමුදා සෙබලූන්ට සංචරණ සීමා කර ඇති අතර ඔවුන්ට නිවාඩු හිමි නොවන අතර කදවුරෙන් බැහැරව යාමට අවසර ලැබෙන්නේ නියම කරන රාජකාරී සඳහා පමණයි.

මීට අමතරව වැලිසර නාවික හමුදා කදවුර තවදුරටත් හුදෙකලා කර තිබේ.

ඒ අනුව එයින් පිටවීමට හෝ ඊට ඇතුලූ වීමට කිසිවෙකුටත් අවසර ලැබෙන්නේ නැහැ.

වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්ත නාවික සෙබලූන් 65 දෙනෙකුට නව කොරෝනා ආසාධිත බවට හදුනා ගැනීමත් සමගයි නාවික හමුදාව මෙම තීරණ ගෙන තිබෙන්නේ.

ඔවුන්ගෙන්  35 දෙනෙකුට නව කොරෝන ආසාධිත බවට හදුනාගැනුනේ ඊයේ දිනයේයි.

ඒ අතරින් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේම රැදි සිටි අය වන අතර අනෙක් 5 දෙනා නිවාඩු ලබා සිය නිවෙස්වලට ගොස් සිටි අයයි.

නව කොරෝනා ආසාධිත බවට හදුනා ගැනුනු නාවික සෙබලූන් වැඩි දෙනෙකුට බැලූ බැල්මට කිසිදු රෝග ලක්ෂණයක්ද නොතිබීම විශේෂත්වයක්.

ඔවුන් සමග ඇසුරු කළ සෙසු පිරිස් සහ ප‍්‍රමුඛතාව අනුව වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්ත සෙසු සියලූ දෙනාද පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතයි.

අදත් පී සී ආර් පරීක්ෂණ ගණනාවක් එහිදී සිදු කෙරෙනු ඇති.

Comments