
ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශ සඳහා අද දිනයේ දුම්රිය ගමන්වාර 10 ක් යෙද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේ කාර්යාල සේවකයින් රැගෙන ඒම සඳහා එම දුම්රිය යොදවා ඇති බවයි.
මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශ වල වාර ප්‍රවේශපත්‍ර මගින් ගමන් පහසුකම් ලබාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් පමණක් දුම්රිය මගින් කොළඹ නගරයට ප්‍රවාහනය කිරිමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාල ආයතන වල අදාල දිනයන්හි දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කළ යුතු පුද්ගලයින් නිෂ්චිතව හදුනාගෙන ඒ පිළිබඳ තොරතුරු පහත සඳහන් දුරකතන අංකයට හෝ ෆැක්ස් අංකයට යොමුකරන ලෙසයි.
ඒ අනුව, 011 24 32 128 හෝ 011 24 31 909 දුරකතන අංක ද 011 244 64 90 යන ෆැක්ස් අංකය වෙත ද තොරතුරු එවිය හැකි වේ.
නැතිනම් රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවකයින්ගෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය ඉල්ලා සිටින්නේ railwaycomoffice@gmail.com යන විද්‍යුත් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙසයි.