අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනියන්න සූදානම් දුම්රිය රියදුරු නියාමකවරු පවසති | සිළුමිණ

අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනියන්න සූදානම් දුම්රිය රියදුරු නියාමකවරු පවසති

නතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම උදෙසා ඇඳිරි නීති පවතිද්දී වුවද දුම්රිය සේවාව පවත්වාගෙන යාමට ඉදිරිපත්ව සිටින බව දුම්රිය රියැදුරන් සහ දුම්රිය නියාමකයන් ස්ව කැමැත්තෙන් ඉදිරිපත්ව සිටින බව එම වෘත්තීය සංගම් පවසයි.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති (ලොකොමොටිව් ඉංජිනියරින් ඔපරේටින් යුනියන්) ඉන්දික දොඩම්ගොඩ හා දුම්රිය නියාමක සංගසයේ ලේකම් මනුර පීරිස් මහත්වරුන් පැවසුවේ කිසිදු දීමනාවක් හෝ අතිකාල හෝ නොතකා මේ අවස්ථාවේ ජනතා සේවාව වෙනුවෙන් දුම්රිය රියැදුරන් හා දුම්රිය නියාමකයින් සූදානමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති. මේ වන විටත් ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය වන බවත් පෙන්වා දෙන ඔවුහු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය සැලසුමක් සහිත ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර දෙන ලෙස ඉල්ලා සිටිති. ඉන්ධන හා අවශ්‍ය නම් රජරට සිට සහල් තොග ගෙන ඒමටද සූදානමින් සිටින බවද එම නිලධාරීහු පවසති.

 

Comments