
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන අද 100 දෙනෙකු දක්වා ඉහළ ගියේය.
ඒ, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ තවත් දෙදෙනෙකු අද රෝහලෙන් පිටව යාමත් සමගයි.
මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කරගත් තවත් පුද්ගලයින් 06 දෙනෙකු අද හඳුනා ගැනිණ.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වාර්තා වූ ආසාදිතයින් 06 දෙනාගෙන් පස්දෙනෙකු කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරින් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
එම පුද්ගලයින් අතර කරණවෑමියෙකු ද වන බව අනාවරණය වී ඇති අතර අනෙක් ආසාදිතයා වාර්තා වී ඇත්තේ රත්නපුර ප‍්‍රදේශයෙන්.
ඒ අනුව, මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 202 ක්.
මේ අතර, ඉකුත් දින කිහිපයේදී කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් වැඩිම පිරිසක් වාර්තා වූ කොළඹ 12, කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පවුල් 242 කට අයත් පුද්ගලයින් 1,010 දෙනෙකු අද යුධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.
මේ අතර, ඊයේ දිනයේදී බොරලැස්ගමුව සහ පිළියන්දලින් සොයාගත් කොරෝනා ආසාදිතයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් දෙදෙනා ඇසුරු කළ පිරිසක් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි යුධ හමුදාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.