අයෙක් සුව අතට - ගුවන් සේවිකාවකටත් ආසාදනය වෙයි | සිළුමිණ

අයෙක් සුව අතට - ගුවන් සේවිකාවකටත් ආසාදනය වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා පිටව ගොස් තිබේ

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඇය මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම ගුවන් ගමනක් අවසානයේම ඒවායේ කාර්ය මණ්ඩලය දින 14ක නිරෝධායනයකට ලක් කෙරෙයි.

ඒ අනුව අදාළ ගුවන් සේවිකාව සමඟ කටයුතු කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මේ වනවිට නිරෝධායනයට ලක් කෙරෙන බව සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරතුරුව අධීක්ෂණයෙන් පසුවන බවයි.

 

 

Comments