ලෝකයෙන් අඩක් සමාජයෙන් දුරස් වෙයි | Page 3 | සිළුමිණ

ලෝකයෙන් අඩක් සමාජයෙන් දුරස් වෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් බිලියන 4 යි දශම 5 කට අධික පිරිසක් කුමන හෝ ආකාරයේ සමාජ දුරස්ථ පාලනයකට යටත්වී ඇතැයි විදෙස් මාධ්‍ය අද අනාවරණ කලේය.

එම සංඛ්‍යාව ලෝක ජනගහණයෙන් හරි අඩකටත් වඩා වැඩි අගයක්.

අද වනවිට ලොවපුරා කොරෝනා රෝගීන් විසි දෙලක්‍ෂ 59,681 ක් වාර්තා වේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 54,416 ක්.

මේ අතර ලොවපුරා නිවෙස්වලට සිරවී සිටින ජනතාවට නැරඹිය හැකි වන පරිදි ලෝක ප‍්‍රකට කලා ශිල්පීන් සියයකට වැඩි පිරිසක් එක්ව අන්තර් ජාලය හරහා සුවිශේෂි ප‍්‍රසංගයක් සිදුකිරීමට සූදානම් වෙති.

ඒ, නිවාසවලට කොටුවී සිටින පුද්ගලයින්ද ඉලක්ක කර ගනිමින්.

ගෝලීය පුරවැසි ව්‍යාපාරය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව මෙම ප‍්‍රසංගය සංවිධාන කර තිබේ.

කොවිඞ් 19 වෛරසයට එරෙහිව කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ට ස්තුතියි කිරීම මෙම ප‍්‍රසංගයේ ප‍්‍රධාන අරමුණක්.

 

Comments