බෙලරූස්හි ලාංකිකයින් පිරිසක් දිවයිනට | සිළුමිණ

බෙලරූස්හි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරූස්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් අද (28) දින උදෑසන මින්ස්ක් නුවර ගුවන්තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් අතරින් වැඩි පිරිසක් එරට උසස් අධ්‍යාපනය සඳහා ගොස් සිටි සිසුන් බව වාර්තා වේ.

මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියෙන් පසු බෙලරෑස් සිට මෙරටට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙයයි.

Comments