
දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් අර්ධ වශයෙන් වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ අතරට දිල්ලි නුවරද අයත් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියළු විශ්ව විද්‍යාලවල විභාග අවලංගු කර ඇත.
එමෙන්ම පෙර ඇගයීම් මත ඔවුන්ට ලකුණු ලබාදීමට ද තීරණය කර ඇතැයි ද සදහන්.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 20,000 ඉක්මවා ගොස් තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කොරෝනා වසංගතය යනු ලෝකයට අවධිවීමට ලබාදුන් සංඥාවක් බවයි.
ඒ අනුව අනාගතයේදී ආර්ථිකය හා සමාජය වඩාත් යහපත් මට්ටමකට ගෙන ඒමට නැවත සැලසුම් සකස් කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.