උතුරු කොරියානුවන් මිලියන 11ක් මන්දපෝෂණයෙන් | සිළුමිණ

උතුරු කොරියානුවන් මිලියන 11ක් මන්දපෝෂණයෙන්

උතුරු කොරියානුවන් මිලියන 11ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම අධ්‍යයනයක් හෙළි කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, උතුරු කොරියානු රජයේ ප්‍රතිපත්ති, එරට ආහාර අනාරක්ෂිත භාවය අවදානම් සහගත මට්ටමක් දක්වා ඉහළ නංවනු ඇති බව ය.

උතුරු කොරියාවේ දරුවන් 140,000ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ මානව හිමිකම් කමිටුවේදී හෙළි කෙරිණි.

උතුරු කොරියාවේ ආර්ථිකය පහත වැටීම සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවල දුර්වලතා හමුවේ එරට රජය මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බව ද එක්සත් ජාතීන් අවධාරණය කළේ ය.

 

Comments