
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද (06 ) දින අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙයි.
එතුමා සමග එතුමාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියි
මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි .