
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔවුන්ගෙන් පස්දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වාර්තා වේ.
මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2060ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 79 දෙනෙකු අද දිනයේ ද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණි.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 1827 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 222 දෙනෙකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.