
රජය ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම පිලිබඳ පැමිණිලි කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මගින් පැය 24ම ක්‍රියාත්මක දුරකථන අංක කිහිපයක් හඳුන්වා දි තිබේ.
011 4354550 හෝ 0114354655 යන අංක ඔස්සේ සහ මෙහි සඳහන් අනෙකුත් දිගු අංක ඔස්සේ ජනාධිපති මහජන සම්බන්ධතා අංශය ඇමතිය හැකියි.
කොවිඩ් 19 වසංගතය මැඬලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය 23 වැනිදා ස්ථාපිත කෙරුණු සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 140ක පරිත්‍යාග මේ වන විට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පරිත්‍යාගශීලීන් රැසක් අදත් මීට මුදල් පිරිනැමුවේය.