වැඩිපුර ඩෙංගු ඇති පළාත්වල රසායනාගාර සේවා පැය 24 පුරා | සිළුමිණ

වැඩිපුර ඩෙංගු ඇති පළාත්වල රසායනාගාර සේවා පැය 24 පුරා

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රෝහල්වල රසායනාගාර සේවා පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ඩෙංගු කළමණාකරණ කමිටු රැස්වීමෙි දී මෙි බව අනාවරණය විය.

මෙි වනවිට ඩෙංගු රෝගීන් 69,043 ක් වාර්තා වී ඇති බවත්, කොළඹ දිස්ත්‍රීක්කයෙන් පමණක් රෝගීන් 15,014 ක් වාර්තා වී ඇති බව අනාවරණ විය. දිස්ත්‍රික්ක 14 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වී ඇති අතර රෝගී සත්කාරක සේවා විධිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

රසායනාගාර සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය රසායනාගාර යන්ත්‍ර රසායානාගාර සේවා ක්‍රියාත්මක රෝහල්වලට සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අැමැති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ලබා දී ඇත. ඩෙංගු රෝගීන් කළමණාකරණය කිරිම සදහා පිළියන්දල, වෑතර, තලංගම, මිනුවන්ගොඩ, දන්කොටුව ඇතුලු රෝහල් රැසක් තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කරන අතර, එම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ලබාදීමට සෞඛ්‍ය අැමැති උපදෙස් ලබා දී ඇත. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් 30 ක්, හෙද හෙදියන් 160 ක්, රසායානාගාර ශිල්පීන් 81 ක් එම රෝහල්වලට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත. තව ද කොළඹ ජාතික රෝහල, අයි.ඩි.එචි බෝවන රෝග විද්‍යායතනය, දකුණු කොළඹ සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල්වලට ද එම කාර්ය මණ්ඩල අනුයුක්ත කර ඇත. මෙම ක්‍රියාවලිය අධිීක්ෂණය කිරිම සදහා වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ද ස්ථාපිත කර ඇත. ඩෙංගු පැතිර පවතින දිස්ත්‍රික්ක අධීක්ෂණය කිරීම සදහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් ද පත් කර තිබෙි. කසළ කළමණාකරණය විධිමත් කිරිම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.

ඩෙංගු රෝගය වැළදී ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන පාසල් සිසුන්ගේ සංඛ්‍යාව සියයට 20 ක් දක්වා වැඩි වී ඇති බැවින් මදූරු විකර්ශක ආලේපන භාවිත කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. ඩෙංගු මදූරුවන් උදෑසන 6.00 සිට 9.00 දක්වා කාලය තුල සක්‍රියව පරිසරයේ සැරිසැරීම හේතුවෙන් පාසල් සිසුන් ගොදූරුවීම වැඩි වී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සෑම දිනකම පාසල් පෙරවරු 11.00 සිට 12.00 දක්වා කාලය තුල දරුවන්ගේ සහභාගීත්වයෙන් පිරිසිදූ කිරීමෙි වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මක කෙරේ.

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා ප්‍රාදේශිය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ලේකම්වරුන් සහ නිලධාරීන් දැනුවත් කිරීමෙි විශේෂ රැස්වීමක් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අැමැති දොස්තර රාජිත සේනාරත්න සහ පළාත් සභා සහ පළාත් පාලන අැමැති ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවැත්වීම ට ද කටයුතු යොදා ඇත. මෙහිදී කසළ කළමණාකරණය කිරීම පිළිබද වැඩි අවධානයක් යොමු කරන බවත්, ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීම පිළිබදවද අවධානය යොමු වන බවත්, සෞඛ්‍ය අැමැතිවරයා ප්‍රකාශ කරයි.

මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් එක්ව සිටියහ. 

Comments