රෝහලේම අවසන් ගමන් යන කොරෝනා රෝගියා | Page 4 | සිළුමිණ

රෝහලේම අවසන් ගමන් යන කොරෝනා රෝගියා

කොරෝනා වෛරසයේ අසාදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (28) මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

මිය ගිය පුද්ගලයා වයස 60ක අයෙක් බවත්,වකුකඩු බද්ධයක් සිදු කළ, අධි රුධිර පීඩනය වැළඳුන පුද්ගලයෙකි.

අවසන් කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්දේශ කර තිබේ.

මෘත දේහය අවශ්‍ය අවස්ථවේ දී ඔහුගේ ඥාතීන් දෙදෙනෙකුට මුහුණ පෙන්වීමට කටයුතු කෙරේ.

දේහය නිවසට රැගෙන නොයන අතර දේහය විශේෂ ආවරණයක බහා රෝහලේ සිටම අවසන් කටයුතු සඳහා රැගෙන යන බව වෛද්‍ය අනිල් ජාසිංහ පැවසිය.

 

 

Comments