සීගිරියට ආ කව් ලැකිය | Page 4 | සිළුමිණ

සීගිරියට ආ කව් ලැකිය

යුනෙස්කෝ ලෝක උරුමයක් සේ සැලකෙන සීගිරිය සිංහල සාහිත්‍යකරුවාට වැදගත් වන්නේ එහි කැටපත් පවුරෙහි කුරුටු ගා ඇති ගී සමුච්චය නිසා ය. මෙවැනි ගී 685 ක් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් සංග්‍රහ කොට පළ කොට ඇතග ඉන් පසුව ද ගී රාශියක් සොයා ගෙන ඇත. මේ ගී ලියා ඇත්තේ සීගිරිය හා එහි සිතුවම් නැරඹීමට ආ ජනයා ය.

මේ ගී ලියූවන් අතර ගිහියන් මෙන් ම පැවිද්දන් ද පොදු ජනයා මෙන් ම නිලධාරීන් ද සිටි බව පෙනේ. ඔවුන් කවර තරාතිරමකට අයත් වුවත් ඔවුන් මේ සියලු ගී ලියා ඇත්තේ කව්ලැකියෙනි. මහාචාර්ය පරණවිතාන මහතා දක්වන පරිදි මේ ගී අතර හමු වන්නේ එක ම එක සංස්කෘත පදයක් පමණකි. එනම් 'මධුර' යන පදය යි.

මහාචාර්ය පරණවිතාන මහතා ඉංගිරිසියෙන් පළ කළ සීගිරි ගී සංග්‍රහයෙහි 367 වන ගීයෙහි 'මධුර' යන පදය යෙදුණේ 'මිහිරි වදන්' ගැන කීමට ය.

යත ජන්නයුන් රත් අත් නිතතින පැහැරැටි

මධුර වජන අස අසැ හෙළිල්ලන් බල අය මා,

එ කවි යත ගී,

මේ කවියා තමා හඳුන්වා දෙන්නේ 'කවි' යන පදයෙනි.

මෙහි එන 'කවි' යන පදය ද තත්සමයකැයි කියන පරණවිතාන මහතා එහි යෙදිය යුතුව තිබුණේ 'කිවි' යන තද්භව පදය යැයි කියයි. මේ කවියා සංස්කෘත තත්සම පදවලට රුචියක් දැක්වූවෙකැයි පරණවිතාන මහතා කියයි.

සීගිරි ගී අතර ඉතා ම ජනප්‍රිය ගීයක් මෙසේ ය.

නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙය්

සැඳැගැ සිහි වෙන්නෙයි මහනෙල්වන හය් රන්වන හුන්, (334 ගීය)

පද්‍ය රචනා කළ යුත්තේ කව්ලැකියෙන් පමණක් බව විදග්ධ කවියන් පමණක් නොව ගැමි කවියන් ද දැන සිට බව සීගිරි කුරුටුගීවලින් තහවුරු වේ.

 

ගලේ කෙටුණු කව්ලැකිය

 

සීගිරි ගී වැඩි හරියක් ලියන ලද්දේ ව්‍යවහාර වර්ෂයෙන් හයවෙනි සියවසෙහි සිට නවවෙනි සියවස දක්වා කාල පරිච්ඡෙදය තුළ දී බව පුරාවිද්‍යාඥයෝ කියති. ඊට පෙර යුගයට අයත් සිංහල ලේඛන වශයෙන් සැලකිය හැක්කේ ගල්වල කොටා ඇති ලිපි යි. මේ ලිපි ලියන ලද්දේ 'බ්‍රාහ්මී' නම් අක්ෂර මාලාවෙනි. පැරණි ම බ්‍රාහ්මී සෙල් ලිපි අයත් වන්නේ මහින්දාගමනයෙන් පසු යුගයට ය. මේ ලිපි පද්‍ය රචනා වශයෙන් නොසැලකුණත් ඒවා ලියන ලද්දේ ද කව් ලැකියෙන් බව පෙනේ. මේ අනුමානය තහවුරු කිරීමට සාධක කීපයකි.

පළමුවැන්න, සංස්කෘත තත්සම පදවල එන 'ඍ', 'ඓ', හා 'ඖ' යන අකුරු මේ සෙල් ලිපිවල හමු නොවීම යි.

දෙවැන්න, සංස්කෘත තත්සම පදවල එන මහාප්‍රාණ අක්ෂර මේවායෙහි දක්නට නොලැබිම යි. ඒ වෙනුවට වෙනත් අකුරක් යෙදීම කව් ලැකිය යි.

තත්සම සෙල් ලිපි

ඛ ථ ප්‍රමුඛ පරුමක

රක්ඛිත රකිත

ඝ ථ සංඝස්ස සගස

ථ ‍ථ ථුප තුබ

ස්ථවිර තෙර

ධ ථ ධර්මරක්ඛික දමරකිත

බුද්ධදත්ත බුදදත

භ ථ අභය අබ

භාර්යා බරිය‍

මේ සෙල් ලිපිවල හමු වන එක ම තත්සමය 'සිද්ධම්' යන පදය යි. එය මහමූකලන්යායේ හා සස්සේරවේ සෙල් ලිපි දෙකක හමු වේ.

Comments