නූතන ම සිංහල කවිය නිසි විචාර මඟක පිහිටුවා වඩාත් අනගි ස්ථානයකට පත්කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන සන්ථව කාව්‍ය විචාර සම්මාන ප්රදානෝත්සවය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. එහිදී 2018 වර්ෂයේ ප්‍රකාශික සිංහල කවිය පිළිබඳ හරවත් දෙසුම පවත්වන ලද්දේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා විසිනි.
2018 ප්‍රකාශික සිංහල කවිය පිළිබඳ වටිනා විචාර නිබන්ධනයක් සහ කාව්‍ය විචාර තරගයේ ජයග්රාහි විචාර ඇතුළත් ‘රසාර්ථ දීපනි - නූතනම සිංහල කවියේ සන්ථව ව්‍යාඛ්‍යාව’ ග්‍රන්ථය ද මේ මොහොතේ ජනගත වූ අතර මෙවර දිවයිනේ හොඳම කාව්‍ය විචාරය ලෙස ‘සන්ථව කාව්‍ය විචාර සම්මානය’ දිනා ගනු ලැබූයේ බුද්ධිමතී ධනුෂ්කා තිලකරත්න විසිනි. ඒ දිනූ රාජගුරුගේ ‘මල්වඩම් සිනා සිය යුතුය’ කාව්‍ය කෘතිය පාදක කොට ගෙන ලියූ විචාරය උදෙසා ය.
දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් සංද්වනී සජීවිකා වීරතුංග සහ සරත් විජේසේකර යන අය දිනාගත්තේ ලක්ෂාන්ත අතුකෝරලගේ ‘අනබිසෙස් අනබිනික්මන්’ සහ නන්දන වීරසිංහගේ ‘ක්ෂණ නියාම’ කාව්‍ය කෘති පාදක කරගෙන ලියූ විචාර උදෙසා ය. සිවුවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා ජයග්‍රාහී විචාරක, විචාරිකාවන් වන්නේ දිලිනි නවෝද්‍යා, මිරාන් දමීන්ද්‍ර පෙරේරා, සුනිමාලි පී.ඩබ්. රණවක, ලක්නා නිරෝෂිමාලා, අමිල ශාවින්ද මහගමගේ, සුරේෂිකා මධුශානි, අශෝක කුමාර කුලතුංග යන අයයි.
ජයන්ත නිමල්සිරි, වසන්තා රංජනී පතිරණ, සුසිල් ජේ. අමරසේකර, මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය, හිරාන් සුවිමාල් ඒකනායක, නලිනි චන්ද්‍රා ද සිල්වා, සඳුනි තිලකරත්න, කාංචනා පෙරේරා, චමින්ද ප්‍රසාද් ප්‍රනාන්දු, නන්දා චිත්‍රානි ලෙනදොර, චතුනි ලංකාන්ජලී යන විචාරක විචාරිකාවන් විසින් කුසලතා සහතික දිනාගනු ලැබීය.