කිත්සි­රි­මෙ­වන් ජය­සේන - ප්‍රථම මුද්‍රිත නාට්‍ය පිට­පත් 4 ජන­ගත කිරීම | සිළුමිණ

කිත්සි­රි­මෙ­වන් ජය­සේන - ප්‍රථම මුද්‍රිත නාට්‍ය පිට­පත් 4 ජන­ගත කිරීම

 ශ්‍රී ලාංකේය ලේඛ­ක­යන්ගේ ප්‍රකා­ශන නිද­හස සහ මූල්‍ය­මය අයි­තිය වඩාත් හොඳින් ආරක්ෂා කිරීම වෙනු­වෙන් අප විසින් ‘ReadingBox’ කර්තෘ ප්‍රකා­ශන සංස­දය පිහි­ටුවා ගන්නා ලද අතර එය සංස්කෘ­තික දෙපා­ර්ත­මේ­න්තුවේ ‘DCA/ 06/03/05/02/සං:සං/කො - 131’ අංකය යටතේ ප්‍රකා­ශන සංස­ද­යක් ලෙස දැන­ට­මත් ලියා­ප­දිංචි කොට ඇති අතර ඒ සඳහා සහෘද සැමගේ සාමා­ජි­ක­ත්වය ද එක් රැස් කර­මින් සිටී.

සංස­දය මගින් කිත්සි­රි­මෙ­වන් ජය­සේ­න­යන් විසින් රචිත ස්වතන්ත්‍ර නාට්‍ය පිට­පත් 4 ක් ප්‍රථම ජන­ගත කිරීමේ උලෙළ වෙනු­වෙන් තෝරා ගෙන ඇති අතර, ඒ උලෙළ එළැ­ඹෙන සැප්තැ­ම්බර් මස 13 වැනිදා සවස 2.30 ට කටු­බැද්දේ Talent Asia ආය­ත­නයේ දී පැවැ­ත්වි­මට කට­යුතු සූදා­නම් කර තිබේ.

ආරා­ධිත දේශ­ක­යන් ලෙස සමා­ජ­වාදී සමා­නතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහ wsws.org වෙබ් අඩ­වියේ කර්තෘ මණ්ඩල සාමා­ජික පානිනී විජේ­සි­රි­ව­ර්ධන යන අය විසින් ‘සංස්කෘ­තික සෝදා­පා­ළුව හා අද දවසේ කලා­ක­රු­වාගේ කාර්ය භාරය’ යන මාත‍ෘ­කාව යටතේ දේශ­න­යක් හා සංවාද මණ්ඩ­ප­යක් පැවැ­ත්වෙනු ලැබෙයි

Comments