සරුංගලය | Page 24 | සිළුමිණ

සරුංගලය

පුංචි පුංචි රැළි දමලා 
පාවී යන සරුංගලේ 
පාවි පාවි පාවි ගිහින් 
නොපෙනී යනවා පුංචි සරුංගල් 

පාට පාට රැළි දමලා 
නොයෙක් පාට කොළ අලවා 
දිලිසි දිලිසි උඩ යනවා 
මගේ පුංචි සරුංගලේ

පුංචි පුංචි සරුංගලේ 
කොහෙ යන්නේ හිමින් සැරේ 
හැර දමලා යන්න එපා 
මගේ පුංචි සරුංගලේ

එස්.ආර්. වගිර සාරංග ළහිරු සිරිමාන්න 
7 ශ්‍රේණිය ‘බී’, 
ශාස්ත්‍රාරවින්ද විද්‍යාතනය පිරිවෙන, 
පොල්ගොල්ල

Comments