කව් ලැකියට ආ සඤ්ඤක අකුරු | සිළුමිණ

කව් ලැකියට ආ සඤ්ඤක අකුරු

 

සංස්කෘත හෝ පාලි තත්සම පදවල හමු නොවන තවත් ගාත්‍රාක්ෂර විශේෂයක් සිංහල කව් ලැකියෙහි හමු වේ. ඒ් ගාත්‍රාක්ෂර හැඳින්වෙන්නේ සඤ්ඤක අකුරු යනුවෙනි. එවැනි අකුරු 4 ක් කව් ලැකියෙහි හමු වේ.

ඟ ඬ ඳ ඹ

මේ අලුත් අකුරු අවශ්‍ය වුණේ සංස්කෘත තත්සම පදවල ආ පහත දැක්වෙන නාසික්‍ය අක්ෂර සංයෝග වෙනුවට ය.

 

ලෙව්ලැකිය කව්ලැකිය

ඞ ඟ

ගඞ්ගා ගඟ

රඞ්ග රඟ

තුඞ්ග තුඟු

ඞ්ඝ ඟ

සංඝ සඟ

ණ්ඩ ඬ

මණ්ඩල මඬල

දණ්ඩ දඬු

න්ද ඳ

චන්ද්‍ර සඳ

චන්දන සඳුන්

න්ධ ඳ

අන්ධ අඳ

ගන්ධ ගඳ

ම්බ ඹ

අම්බර අඹර

අම්බා අඹු

ම්භ ඹ

කුම්භ කුඹ

ආරම්භ අරඹ

Comments