ඖෂධ කිහිපයක මිළ ඉහළට | Page 12 | සිළුමිණ

ඖෂධ කිහිපයක මිළ ඉහළට

පසුගිය කාලයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඖෂධ සමාගම් කළ ඉල්ලීම් රැසක් සලකා ඖෂධ කිහිපයක මිල වැඩි ඇත්තේ 14.4%කින් වැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ බව සදහන් කර ඇත.ඒ අනුව ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සලීන්, පැරසිටමෝල්, සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල වැඩි කර තිබේ.මෙලෙස මිල ඉහළ නංවන ලද ඖෂධ සියල්ල මීට ඉහතදී මිල පාලනයකට ලක් කරමින් මිල අඩු කර තිබූ ඖෂධයි.

Comments