මාම­ලාගේ ගෙදර | සිළුමිණ

මාම­ලාගේ ගෙදර

රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත The Cabuli Wallah නම් කෙටිකතාව ඇසුරෙනි.

 

පස් අවුරුදු වියැති මිනී නිතරම දොඩමලු ගතියෙන් යුක්ත එකියක් වූවාය. ඇගේ දෛනික ඇවතුම් - පැවතුම් වලදී එක මොහොතක් හෝ නිහඬව සිටීම ඇයට කළ හැකි දෙයක් නොවීය. මා මෙයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ නමුදු මගේ බිරිය, දියණියගේ දොඩමලු බව වැළැක්වීමට උත්සාහ කළාය.

එක්තරා දිනයක මම මගේ අලුත් ම පොතේ දාහත්වන පරිච්ඡේදය සකස් කරමින් සිටියෙමි. මිනී නිහඬ ව ම මා අසලට පැමිණියා ය.

“තාත්තේ, මොනවද ලියන්නේ? බෝලා කියනවා අහසේ වලාකුළුවල ඇතකු ඉන්නා බව අපට වැස්ස ලැබෙන්නේ උගේ හොඬවැලෙන් එන වතුරවලින් ලු”

මම නිහඬ ව ම ඇගේ කතාවට සවන් දුනෙමි. මිනී මොහොතකට පසු

“තාත්තේ”, යයි මා ඇමතුවාය.

“තාත්තේ, අම්මයි තාත්තයි අතර ති‍යන නෑකම මොකක්ද?

“මේ මිනී, යන්න බෝලා එක්ක සෙල්ලම් කරන්න.

මට වැඩ හරියට.......

දැරිය මගේ දෙපාමුල වැතිරී සෙල්ලමක යෙදී සිටියාය. මම මගේ ප්‍රබන්ධයේ පිටු අතර මොළය වෙහෙසවමින් සිටියෙමි. කතා නායකයා ප්‍රතාප් සිං ය. හෙතෙම කාංචන මාලා කුමරිය දෑතට ඔසවාගෙන කවුළුවෙන් පිටතට පැමිණියේය.

මිනීගේ කෑගැසීමෙන් මගේ අවධානය බිඳ වැටුණි. ඕ ක්‍රීඩාව නවත්වා හදිසියේ ම ජනේලය වෙත දිව අවුත් කෑගැසුවාය.

කාවුලිබාලා! කාබුලිවාලා!!

පිළිවෙළකින් තොර වූ බාච්චුවක් වන් ඇඳුමෙන් සැරසුණු කාබුලිවාලා හෙවත් රාමන් වීථියේ ගමන් කරමින් සිටියේය. බෑගයක් කරේ එල්වාගෙන සිටි ඔහුගේ අතේ මිදි පොකුරක් ද විය.

“දැන් ඔහු ඒවි. මට කවදාවත් මේ පරිච්ඡේදය ඉවර කරන්න ලැබෙන්නේ නෑ.” යැයි මම සිතුවෙමි.

මිනී කෑගසාගෙන රාමන් ඉදිරියට දිව ගිය නමුදු ඔහු දකිනවිට ඈ බියෙන් මෙන් මවගේ පිටුපසට වී සැඟවුණා ය. ඔහුගේ බෑගයේ ඇය වැනි වූ කුඩා ළමයින් සඟව‍ාගෙන යනු ඇතැයි මිනීගේ අදහස විය.

රාමන්, පලතුරු වෙළෙන්දා මගේ නි‍ෙවසේ දොරකඩට වී සිනාවෙන් යුතුව බලා සිටියේය. මම ඔහුගෙන් සුළු සුළු දේවල් මිලට ගතිමි. රාමන් පිටත් වීමට ප්‍රථමයෙන් ගෙතුළට කරපොවා බැලුවේය.

“මහත්මයා, ඔබේ පුංචි දුව කොහේද?”

ඇය බියට පත්ව සැඟවුණ බව මම ඔහුට පැවසුවෙමි. ඔහු ඇයට පලතුරු පෙන්වමින් ඇගේ බිය තුනී කිරීමට ගත් වෑයම සාර්ථක වු අයුරු මට පෙනී ගියේය.

ඒ ඔවුන්ගේ ප්‍රථම හමුවීමයි. මා නිවසින් බැහැරව යෑමට පෙර මගේ මවිතයට හේතු වූ සිදුවීමක් මට දක්නට ලැබිණි. මිනී දොරකඩ ළඟ රාමන් සමඟ කුලුපඟ ව සිනාමුසු මුහුණින් දොඩන අයුරු මම දුටිමි. ඇගේ බසට කන්දෙන හෘදයාංගම තැනැත්තා මේ පලතුරු වෙළෙන්දා යැයි මට හැඟිණි. ඇය ඇඳ සිටි සාරියේ පොටක ඔහු විසින් දෙන ලද පලතුරු ඔතා තිබිණි.

‘ඇයි රාමන්, ඔබ ඇයට මේවා දුන්නේ? එසේ පිළිවිසිමින් මම ඇයට ඇනා අ‍ටක් දුනිමි. රාමන් කිසි කතාබහක් නැතිව එය ඔහුගේ පසුබිම්බියේ ලා ගත්තේය. යළි ගෙතුළ සිට මා පැමිණෙන විට ඔහුට දුන් මුදල් මගේ දියණියගේ අතේ තිබෙනු මම දුටුවෙමි.

“මිනී කොහෙන්ද ඔබට මේවා?”

“කාබුලිවාලා දුන්නා”

මොනවා? ඇයි ඔබ ඔහුගෙන් මුදල් ගත්තේ?” මගේ බිරිය ද මේ සිදුවීම නිසා බෙහෙවින් කලකිරීමට පත්ව සිටියා ය. ඔහු හා ඇය නිතරම හමුවනවා ඇතැයි මට සිතුණි. දැන් ඔවුහු කුලුපග මිතුරන් බවට පත් වී සිටිති. දෙදෙනාගේ ම විහිළු - තහළු මට ඇසේ.

“මේ කාබුලිවාලා...... මොනවාද බෑග් එකේ?”

අලියෙක් .....ඔවුහු සිනාසෙති.

“හොඳයි පුංචි නෝනා, කියන්න බලන්න ඔබ මාමලගේ ගෙදර යන්නේ කවදද කියලා....”

බෙංගාලි දැරියකට මෙහි අරුත අමුතුවෙන් කියාදිය යුතු නැත. අප විසින් ඇය ඉදිරියේ මෙවැනි අදහසක් ඇයට හඟවා නොතිබුණි.

මගේ බිරිය ඉතා සුළු දෙයකට පවා තැතිගන්නාසුලු තැනැත්තියක් වුවාය. වීථියේ පුංචි ශබ්දයකට පවා ඇය බියට පත් වෙයි. කාබුලිවාලා යැයි මිනී විසින් හඳුන්වන රාමන් දුටුවද ඈ බියට පත්වෙයි. එය අහේතුක බියකැයි මම ඇයට පැවසීමි.

“ළමයි ගෙවල්වලින් හොරකම් කරගෙන යන බව ඔබ අහලා නැද්ද? ඇය පවසන්නීය.

ජනවාරි මාසයේ දී රාමන් ගමරට බලා යාමේ අපේක්ෂාවෙන් පසු වූයේ ය. මේ කාලය ඔහුට වැඩ අධික විය. ගෙයින් ගෙට යමින් මුදල් එකතු කිරීමට හෙතෙම යුහුසුලු වුයේය.

මේ අතර මම මගේ පොත - පතේ වැඩවල නිරත වුයෙමි. ක්‍රමයෙන් හිරුගේ රැස් අතරින් ගත සිත උණුසුම් වන්නට විය. මිනිස්සු වීථියේ ඇවිද්දෝය. හදිසියේ ම ඇසුණු කලබලකාරී හඬින් මම එදෙසට නෙත් යොමු කළෙමි.

රාමන් පොලිස් නිලධාරීන් දෙදෙනකුට මැදින් ගමන් කරමින් සිටියේය. කොලු කුරුට්ටෝ ඔහු පසුපස ඇදී ආහ. රාමන්ගේ ඇඳුම්වල රතුපාට ලේ පැල්ලම් තැවරී ඇති සැටි මම දුටුවෙමි. මම වහාම එදෙසට දිව ගියෙමි. මුදල් ප්‍රශ්නයක් උඩ ඇති වූ බහින්බස් වීමකදී පිහියක් ඇදගෙන ගෙහිමියාට බැන වදින්නට වීම නිසා රාමන් මෙසේ අත් අඩංගුවට ගත් බව මට දැන ගැනීමට ලැබිණි.

හදිසියේ ම මිනී එහි පැමිණියා ය.

ඒ.... කාබුලිවාලා.....

රාමන්ගේ මුහුණ දීප්තියෙන් බැබළිණි. ඔහුගේ උරහිසෙහි බෑගය නොවීය. මේ නිසා ඇයට අලියා ගැන ප්‍රශ්න ඇසීමට හැකි නොවීය. ඈ ඊළඟ ප්‍රශ්නයට සිත යොමු කළාය.

“කාබුලිවාලා, ඔයා මාමලාගේ ගෙදර ද යන්නේ?

“ඔව් පුංචි නෝනා, මං එහේ යනවා”...

ඔහු දෑත් ඔසවන්නට තැත් කරද්දී එහි දමා තිබූ විලංගු ඇයට දක්නට ලැබුණි. රාමන් අවුරුදු ගණනාවකට බන්ධනාගාර ගත විය.

කාලය ගෙවී ගියේය. මිනී ද වයසින් වැඩුණා ය. මිතුරියන්ගේ සමාගමය නිසා ඕ මා අසලට ද නොපැමිණියා ය.

එය පුජා නිවාඩුවයි. මිනීගේ විවාහ මංගල්‍යයට ද කාලය එළඹ ඇත.

එහි පැමිණියේ රාමන්ය. එම පැහැදිලි දීප්තිමත් උදෑසන රන්වන් හිරු රැස් වැටී මිනී තවමත් ඒ වගේ යැයි ඔහු සිතනවා විය හැකිය. මිනී වහාම රාමන් ඉදිරියට දිව අවුත්

“ඕ ! කාවුලිවාලා, යැයි තමා අමතනු ඇතැයි ඔහු සිතන්නේද ? පෙර පරදි සිනාව, ළෙන්ගතුකම, කතාබහ ආදිය සිදුවනු ඇතැයි ඔහු කල්පනා කරන්නේ නම් එය කෙතරම් විහිළුවක් විය හැකිද ?

“මං කීවනේ, අද මේ ගෙදර උත්සවයක් තියල.

රාමන් දුක්මුසු බැල්මක් හෙළා මට සුබ පතා ආපාසු හැරි ගියේය. ඔහු නැවත කැඳවා ගැනීමට ඇත්නම් යැයි මට සිතුණි. පසු තැවිල්ලෙන් යුතුව මා කරබාගත් වනම සිටියදී හේ මා ඉදිරියේ පෙනී සිටියේ ය.

“මං පුංචි නෝනට දෙන්න කියල බඩුවක් ගෙනාවා. මටත් ඉන්නවා මේ වගේ දුවක්” ඈත් මතක් වෙනවා.

ඔහු එසේ තෙපලමින් ඇඳ සිටි විශාල සාක්කුවට අත යවා කිලිටි වූ කඩදාමි කැබැල්ලක් පිටතට ගත්තේය. එය පුංචි අතක සලකුණකි. කඩදාසියක එය ඇඳ තිබුණි. වසරක් පාසා ඔහු කල්කට නගරකයට පැමිණෙන විට මේ සලකුණ ඔහුගේ හදවතට බෙහෙවින් සමීපව තබා ගනියි.

මගේ දෑසින් කඳුළු කැට කඩාහැලෙන්නට විය. ඔහු ද මා වැනි ම පියකු යැයි මට හැඟුණි.

පාර්වතී නම් ඔහුගේ දියණිය මගේ මිනීට වඩා වෙනස් වනුයේ කෙසේ ද? මම වහාම දියණිය කැඳවිමි. ඕ මංගල සාරියෙන් සැරසී මා අබියස සිටගත්තා ය. ඇගේ දර්ශනයෙන් රාමන් මවිතයට පත් විය.

“පුංචි නෝනා, ඔබ මාමලාගේ ගෙදර යනවාද?” මිනී එහි අරුත වටහා ගත්තී එළියෙන් බිම බැලුවාය. ඔහු සහ ඇය ප්‍රථමයෙන් හමු වූ දිනය මට සිහි වෙයි. රාමන් බන්ධනාගාර ගත වී අට වසරක් ගත වී ඇත. මේ සා දිගු කාලයක් දියණිය නොදැක ඔහු කල් ගෙවන්නට ඇත්තේ කෙසේද? රාමන් නොසැලී ඇෆ්ගන් කඳුයාය දෙස බලා සිටියේය.

මම රුපියල් සියයක මුදල් නොට්ටුවක් ඔහුට දිගු කළෙමි.

“රාමන්, මේ මුදල් රැගෙන නුඹේ දුව ළඟට යන්න”.

ඒ ප්‍රීතිමත් හමුවීම ඔහුගේ දියණියට වාසනාව උදා කර දෙනු ඇත. පියාගෙන් ඈත් වී සිටි එකම දියණිය ඔහුට මුණගැසෙනු ඇත. මංගල්‍යයේ ඇතැම් විය හියදම් මේ නිසා කපා හැරීමට සිදු විය.

මෙය සිහිපත් කරන විට මට දැනෙන සොම්නස් සුළුපටු එකක් නොවෙතැයි මට හැ‍ඟේ.

Comments