
ඇය ඇමෙරිකානු කිවිඳියකි; ගායිකාවකි; ගත් කතුවරියකි; සිනමා ශිල්පිනියකි. ඒ සැමට වඩා සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. ජීවත් වූ අවුරුදු 86 න් ඇය අවුරුදු 50ක් ම ගත කළේ රූපවාහිනී ශිල්පිනියක, සිනමා ශිල්පිනියක හා නාට්‍යවේදිනයක වශයෙන් වීම ද විශේෂයකි.
1928 අප්‍රේල් 4 ඉපිද මැයි 28 වැනි දින මිය ගිය ඇය වඩාත් ප්‍රකට වූයේ මේ ඇමෙරිකානු කිවිඳියක ලෙසිනි. ඇය මායා ඇන්ජලෝ ය.
නිදහස් මතවාද වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවගේ විමුක්තිය හා අප්‍රිකානු කළු ජාතිකයන් උදෙසා කවි ලියූ ඇගේ නිර්මාණවල තිබූ කාව්‍යාත්මක සිවිල් අයිතිවාසිකම් විෂයය වීම විශේෂයකි.
ඇමෙරිකානු බුද්ධිමත් ජනතාව ඇගේ කෘති ආදරයෙන් වැලඳ ගත්හ.
1970 දී ඇය ලියූ, 'I know why the caged bird sings' කෘතිය ඇමෙරිකාවේ ජාතික සම්මානයට පාත්‍ර විය. එය ඇමෙරිකානු පාසල් ශිෂ්‍යයන්ගේ ප්‍රධාන කියැවීම් ලැයිස්තුවට ඇතුළත් වූ කෘතියක් වීම ඇගේ කෘති කොතරම් දුරට ඇමෙරිකානුවන්ගේ ගෞරවයට පාත්‍ර වී ද යන්නට හොඳ ම උදාහරණයකි. එනිසාම ඒ කෘති ඇමෙරිකාවේ විශාල අලෙවියක් සහිත ඒවා විය. එ් කෘතියෙන් කියැවෙන්නේ වයස 17 දක්වා ඇගේ ජීවිතයේ අත්දැකීම් ය. ඇය වඩාත් ම අන්තර් ජාතික වශයෙන් ගෞරවයට හා පිළිගැනීමට ලක් වූයේ එ් කෘතිය නිසා ය.
1972 දී ඇය ලියූ Just Give a Good Drink of water fore I Die කෘතිය ද පුලිස්ටාර් ත්‍යාගය සඳහා නිර්දේශිත කෘතියක් විය. මායා ඇන්ජලෝ කිවිඳිය, කිවිදියක් ම නොවූවාය. ඇය ගායිකාවක්, නිළියක්, ගත් කතුවරියක්, තිරනාටක රචිකාවියක් හා නාටිකාංගනාවක් ද වූවාය.
උපතින් මාගරිට් ඇනී ජොන්සන් (Magarite Annie Johnson) නම් වූ ඇගේ ළමා කාලය ඉතා දුෂ්කර කටුක එකක් විය. ඇගේ දෙමාපියෝ ඇය කුඩා කාලයේදී ම වෙන් වූහ.
ඉතා කුඩා වියේදී ම ඇය හා ඇගේ සොහොයුරා ආර්කන්සාස් ඇගේ පියාගේ මව වෙත යවනු ලැබූහ. කෙසේ හෝ ඇයට වයස අවුරුදු අටේදී ජීවිතයේ කටුක දුක්මුසුම අත්දැකීමට මුහුණ දීමට ඇයට සිදුවිය. ඒ ඇය තම මවගේ ප්‍රේමවන්තයා අතින් දූෂණය වීම ය. ඊටත් වඩා ඇය සිත කැලඹීමට හේතු වූයේ ඇය දූෂණය කළ පුද්ගලයා ව ඇගේ මාමාවරුන් හා තවත් පිරිසක් විසින් පහරදී මරා දැමීමේ සිද්ධියයි. එය දූෂණයට ලක්වීමටත් වඩා ඇගේ සිත සසල කළ සිද්ධියක් විය.
දුගී බව නිසාම ලාබාල වියේ සිට ම විවිධ රැකියා කිරීම සඳහා ඇයට යොමු වූවා ය. කුඩා අවධියේ සිට ම නැටුම් ඉගෙන ගැනීමට ගිය ඇය නැටුමට ද දක්ෂ වූවා ය.
සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ප්‍රථම වාහන හසුරුවන්නිය වූයේ ද ඇයයි. එහෙත් ඇය රැකියාවට ඉතා ටික කලකින් ම සමුදුන්නේ උසස් අධ්‍යාපනයට යොමු වූ බැවිනි. උසස් අධ්‍යාපනයට යොමුවූ සැණින් විශ්වවිද්‍යාලයේදී ඇය පෙම්වතකු ඇසුරු කළා ය. අනතුරුව ඔහු නිසා ඇය අවිවාහක ව ම මවක වූවා ය. ඇයට ඉන්පසු විවිධ රැකියාවන්හි යෙදීමට සිදුවූයේ තම පුත්‍රයා ජීවත් කරවීම සඳහා ය.
ඉන් අනතුරුව 1952 දී මායා ඇනස්ටාස් ලොස් ඇන්ජලෝලාස් නම් වූ පුද්ගලයා සමඟ විවාහ වීමෙන් පසු ඇයගේ නම මායා ඇන්ජලෝ නම් විය. මායා ඇන්ජලෝ නම් කිවිඳිය බිහිවූයේ ඉන් පසුව ය.
1950 දී සිට ම ඇය කවි ලීවා ය. ඒ කවි බොහෝ දුරට සමාජයේ උන්නතිය පිණිස විය. ඇගේ සංගීතමය දිවිය ඇරඹුණේ 1950 දශකයේදී ය.
1957 දී Calypso Head Wave නම් චිත්‍රපටයක පෙනී සිටි ඇය ඒ වසරේදී ම සිය පළමුවන සංගීත ඇල්බමය නිකුත් කළා ය.
1961 දී මායා, ජීන් පොනට් ගේ චිත්‍රපට නිෂ්පාදනයක පෙනී සිටියා ය. ඒ කාලය ඇතුළත දීම ඊජිප්තුවේ හා යානාවේ පුවත්පත් කීපයක ම ඇය කටයුතු කළේ නිදහස් පුවත්පත් කලාවේදිනියක හා කතුවරියක ලෙසිනි. ඇය යළිත් ඇමෙරිකාවට පැමිණියේ නිදහස් ලේඛිකාවක ලෙසිනි. එහිදී ඇය ලේඛක ජේම්ස් බොල්ඩ්වින් සමඟ ඇගේ ජීවිත අත්දැකීම් ලියන්නට පටන් ගත්තා ය.
ඇය එසේ ලියූ තම ළමාවියේ හා යොවුන් වියේ අත්දැකීම් සහිත කවි හා ලිපි ඉතා ජනප්‍රිය විය.
වෘත්තාන්තයක් නොවූ ඇගේ මුල්ම කෘතිය වූයේ “I know why The caged Bird sing” නම් වූ කෘතියයි. එහි අන්තර්ගත වූ නිදහස් චින්තන හා කන්තා විප්ලවවාදි ලිපි අප්‍රිකානු හා ඇමෙරිකානු කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය විය. ඇයට අන්තර්ජාතික පිළිගැනීමක් හා ජනප්‍රියත්වයක් ලැබුණේ ද මේ කෘතිය හරහා ය.
ඇය විශේෂයෙන් ම ප්‍රසිද්ධ වූයේ අපදාන කතුවරියක් ලෙස ය. ඇය ස්වයං අපදාන හතක් ලියා පළ කර තිබීම විශේෂයකි. අනතුරුව කාව්‍ය නිර්මාණ ග්‍රන්ථ කීපයක් ද නාට්‍ය හා චිත්‍රපට කතා පිටපත් කීපයක් මෙන් ම ටෙලි චිත්‍රපට පිටපත් ද ලියූ ඇය ඒ තුළින් ජනතාව අතර ප්‍රසිද්ධියක් ලැබුවාය. ඒවා ඇයට අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය වීමට ද ඉවහල් විය.
1972 දී ‘පොර්පියා’ නම් නළුව තිර නාටකය ලියා නිෂ්පාදනය කළ ඇය එවැන්නක් කළ පළමුවන කළු අප්‍රිකානු කාන්තාව වූවා ය. එය ටෝනි සම්මානයට නිර්දේශ විය. 1973 දි ඇය ලියූ “Look Away” නම් නළුවද එ් සම්මානයට නිර්දේශ විය.
ඇය යළිත් ගෞරවයට පාත්‍ර වූයේ 1977 දී Roots නම් වෘත්තාන්තයට දුන් දායකත්වය නිසා ය.
ඇගේ ස්වයං අපදාන අතර 1969 දී ලියූ I know why the caged Bird sings, 1986 දී ලියූ All god’s Children Need Traveling shoes හා 2002 ලියූ A song Flung hp to Heaven යන කෘති වඩාත් විශේෂ විය. 1971 ඇය ලියූ Just Give me a Cool Drunked water fore I Die කෘතිය ඒ වඩාත් පුලිස්ටාර් සම්මානයට නිර්දේශ විය.
1993 ජනවාරියේදී ජනාධිපති බිල් ක්ලින්ටන් ගේ වැඩ බාර ගැනීම නිමිත්තෙන් ඇය ලියූ On the Pulse of Morninng කාව්‍ය නිර්මාණය ද ඇමෙරිකානුවන් අතර ජනප්‍රිය විය.
1994 දී ඇය ලියූ Would not Take nothing for my Journy now කෘතිය ද ඇගේ වැදගත් කෘති අතරට එක්වෙයි.
තරුණ දියණියන්ට උපදෙස් දෙමින් 2008 දී ඇය ලියූ Letter to my Daughter නම් කෘතිය ඇමෙරිකානු තරුණියන් අතර ජනප්‍රිය වූ කෘතියකි.
ඇමෙරිකාවේ බොහෝ ප්‍රසිද්ධ හා ජනප්‍රිය පුද්ගලයෝ ඇගේ මිතුරෝ වූහ. මාටින් ලූතර් කිං, රූපවාහිනි නිවේදිකා මජරා වින්ප්‍රි ද ඇගේ මිතුරන් ය. බැරැක් ඔබාමා පවා ඇගේ කෘති හා සාහිත්‍ය සේවාව අගය කළේ ය.
කළු ජානතාව අතර ඇය විශේෂයෙන් ප්‍රසාදයට පත්වූයේ කනිෂ්ඨ මාර්ටින් ලූතර් කිං හා මැල්කම් එන්ස් සමඟ එක්වී කළ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරකම් නිසා ය.
සිනමා හා රූපවාහිනී තිරයේ ද ඇය කැපී පෙනෙන චරිතයක් වූවා ය. ඇය රූපවාහිනී තිර නාටක රචිකාවක් මෙන් ම නිළියක හා අධ්‍යක්ෂවරියක වශයෙන් ද කළ සේවාව ඇමෙරිකානු ජනතාව ඉහළින් අගය කළහ.
ඇගේ ක්‍රියාකාරකම් හා කෘති බොහෝදුරට ජනප්‍රිය වූයේ ඇමෙරිකාවේ වෙසෙන කළු ජාතිකයන් අතර ය. ඇය විටෙක කළු ජාතීන් උදෙසා හඬ නැඟූ වීරවරියක ලෙස ඔවුහු සැලකූහ.
කොටින් ම කිවහොත් ඇය කළු ජාතීන්ගේ හඬ බවට පත්වූවා ය. විශේෂයෙන් කළු ජාතික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ඉදිරිපත් වූ මායා ඇන්ජලෝ කළු ජාතිකයන්ගේ සංස්කෘතියේ සෙවණැල්ලක් සේ බැඳී සිටියේ ඔවුන්ගේ සංස්කෘතික මෙවලම් ආරක්ෂා කරමිනි.
ඇය ලියූ ස්වයං අපදාන හතෙන් ම ඇගේ ජීවිතයේ පැතිකඩ කීපයක් ඉස්මතු කිරීමට සමත් විය. ඒ නිසාම ඇගේ ස්වයං අපදාන බොහෝ විචාරකයන්ගේ විවේචනයට භාජනය විය.
බොහෝ දෙනා ඇය ජාතිවාදී ලේඛිකාවක් ලෙස හැඳින්වීමට ද මෙය හේතු විය.
කෙසේ වෙතත් මායා ඇන්ජලෝ යනු යුගයක් නියෝජනය කළ යුග කාන්තාව වූයේ ඇගේ බොහෝ ක්‍රියාකාරකම් හා ලේඛනයන් මෙන් ම කාව්‍ය නිර්මාණවල කළු ජනතාවගේ අයිතිවාසිකම් තේමා කොට නිර්මාණය වූ ඒවා නිසා ය.
මායා ඇන්ජලෝ නමින් ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේ ද ප්‍රකට වූ මාගරිට් ඇනී ජොන්සන් ඇන්ජලෝ 2014 මැයි 28 දින අභාවප්‍රාප්ත වූයේ ඇයට බොහෝ සේ ආදරය කළ කළු ජාතිකයන් හඬවමින්ය කීවොත් නිවැරදිය.