වැස්සක් ළඟ එනවා | Page 2 | සිළුමිණ

වැස්සක් ළඟ එනවා

හෝ හෝ ගා කන්ද උඩින් සද්දෙ ඇසෙන්නේ
මහ වැස්සක් ළඟ එන බව නිමිති කියන්නේ
ගස්වැල් කොළ මත සුළගේ පාවී යන්නේ
අහස කළුවී ගොරවා මහ හඬ දෙන්නේ

පොල් අතු තටු ගස­මින් ඉගිළී යන්නේ
කුරුලු රෑන් ශබ්ද නගා පියඹා යන්නේ
ඊතල මෙන් අහසේ දිය­බිඳු වැගි­රෙන්නේ
අපේ මිදුල මහ මුහු­දක් වගේ පෙනෙන්නේ

ඒ. ඩබ්ලිව්. නිපුනි සෙව්මිණි
10 ශ්‍රේණිය,
ගව­ර­න්හේන විද්‍යා­ලය,
බළන්­ගොඩ.

 

Comments