
හෝ හෝ ගා කන්ද උඩින් සද්දෙ ඇසෙන්නේ
මහ වැස්සක් ළඟ එන බව නිමිති කියන්නේ
ගස්වැල් කොළ මත සුළගේ පාවී යන්නේ
අහස කළුවී ගොරවා මහ හඬ දෙන්නේ
පොල් අතු තටු ගසමින් ඉගිළී යන්නේ
කුරුලු රෑන් ශබ්ද නගා පියඹා යන්නේ
ඊතල මෙන් අහසේ දියබිඳු වැගිරෙන්නේ
අපේ මිදුල මහ මුහුදක් වගේ පෙනෙන්නේ
ඒ. ඩබ්ලිව්. නිපුනි සෙව්මිණි
10 ශ්‍රේණිය,
ගවරන්හේන විද්‍යාලය,
බළන්ගොඩ.