
වලිගයෙන් අල්ලා ගැනීම සහ බෙල්ලෙන් අල්ලා ගැනිම අතර ඇත්තේ විශාල වෙනසකි. බෙල්ලෙන් අල්ලා ගත් විට පහසුවෙන් පාලනය කළ හැකි වන අතර වලිගයෙන් අල්ලා ගත් විට සිදු වන්නේ සතාට අනුව පස්සෙන් යාමට හෝ හැසිරිමටය. මේ නිසා සතෙක් බෙල්ලෙන් අල්ලා නොගතහොත් සිදු වනුයේ විශාල අනතුරකි. සර්පයෙක් වලිගයෙන් අල්ලා ගත හොත් දෂ්ඨ කිරීමට වුවද හැකිය. රටක අධ්‍යාපනය පද්ධතිය යනු එම රටේ පුරවැසියන් නිර්මාණය කරන තැනකි. මේ පද්ධතියෙන් නිර්මාණය විය යුතු පුරවැසියා පිලිබඳව පුර්ව නිගමනයකට පැමිණ ඒ අනුව රටේ අධ්‍යාපනයම බෙල්ලෙන් අල්ලාගෙන වෙනස් කළ රටවල් අද දවසේ සුවසේ සිටින අතර වලිගයෙන් අල්ලා ගත් රටවල් තුළ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ගැටලුවලින් ගොඩ ඒමට නොහැකිව ලතවෙමින් සිටින බව ලෝකයේ රටවල් දෙස විමසිල්ලෙන් බලන විට පෙනෙන කරුණකි .
දැන ගැනීම් සඳහා ඉගෙනීම, යම් දෙයක් කිරීම සඳහා ඉගෙනීම, එක්ව ජීවත් වීමට ඉගෙනීම, දිවි පැවැත්ම සඳහා ඉගෙනීම යනුවෙන් සරලව මෙම අධ්‍යාපනයේ අරමුණූ වර්ග කර දක්වා තිබුණද යම් රටක සිටින පුරවැසියන් බහු කෝණීය දක්ෂතා සහිත පුද්ගලයන් බවට පත් කර ගැනිම අධ්යාපපනයේ මුලීකම අරමුණක්. මේ නිසා දියුණූ රටවල් තම රටවල් අධ්‍යාපනය හැඩ ගැස්වීමෙන් රටේ සංවර්ධන අපේක්ෂා ඉටු කර ගැනිමට උත්සාහ ගෙන ඇත.
චීනය රුසියාව වැනි රටවල් පවා විප්ලවවලින් අනතුරුව එම රටවල අධ්‍යාපන ක්‍රමයන් ප්‍රතිසංස්කරණය කළ අතර ඒ තුළින් නිරන්තරයෙන් වෙනස් වන ලෝකය සමඟ ගැලපෙන පුරවැසියන් නිර්මාණය කර ගනිමින් තම රටවල ආර්ථීක වෘද්ධීය ඇති කර ගනිමින් සමාජ දේශපාලන ගැටලු අවම කර ගැනිමට උත්සාහ ගෙන ඇත.
ස්වයං පිළිබිඹූව ඇති කිරීම අධ්‍යාපනයේ මුලිකම අරමුණක් වන්නේ මේ නිසා වෙනි. අධ්‍යාපනයෙන් තමන් කවරෙක්දැයි ඒත්තු ගැනිවිය හැකි නම් ඒ අනුව හැසිරීමට මිනිසුන් පෙලඹවිය හැකියි.
එසේම විවිධ විභවතාවන් උපතින් රැගෙන එන මිනිසුන්ට තම හැකියාවන් හඳුනා ගැනිමට මග පෙන්විය හැකියාව යම් රටක් අධ්‍යාපන ක්‍රමයකින් ලැබේ නම් එය සාර්ථක අධ්‍යාපන ක්‍රමයක ලක්ෂණයකි. අලුත උපන් මිනිස් ජීවියාගේ මොළයේ වර්ධනයෙන් 90%ක් මුල් අවුරුදු පහ තුළ සම්පූර්ණ වන අතර ස්නායු පද්ධතියෙන් 85%ක් මේ අවුරුදු පහ තුළ සම්පූර්ණ වේ. මේ නිසා මුල් අවුරුදු පහ දෙමාපියන් සමඟ කෙරෙන අධ්‍යාපනය ජීවිතයේ වැදගත්ම කොටස වේ. එනම් පුද්ගලයාගේ ජීවිතයේ පදනම නිර්මාණය වන්නේ මෙම කාල පරාසය තුළ ප්‍රාථමික අධ්‍යාපනය තුළින් ද සිදු විය යුත්තේ බුද්ධි වර්ධනයට අවශ්‍යා මග පෙන්විම ලබා දෙමින් සහයොගිතාවය සන්නිවේදන කුසලතා, සමාජ අන්තර් ක්‍රියා සඳහා වු හැකියාවන් වර්ධනය කිරිමයි. සන්නිවෙදනය අන්තර් පුද්ගල සබඳතා කණ්ඩායමක් ලෙස වැඩ කිරිම, වෙනත් සංස්කෘතින් කොරෙහි ධනාත්මක ආකල්ප ඇති කර ගැනිම, අන් අය ගැන සැලකිල්මත් විම, විවිධ පරිසරයන් පිළිබද ධනාත්මක ආකල්ප ඇති කර ගැනිම වැනි පෞර්ෂයට අදාළ හැකියාවන් වර්ධනය විමට සැලැස්විම ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණූ ලෙස ස්විට්සර්ලන්තය ජපානය පින්ලන්තය වැනි රටවල් තම අධ්යසපන ක්‍රමයන් තුළට එකතු කර ඇත. මේ නිසා මෙවැනි රටවල් සංවර්ධිත ජීවත් විමට සුදුසු රටවල් වර්ගීකරණයන්වල ඉහලින්ම සිටින රටවල් බවට පත්ව ඇත. නිවරැදි පෞරුෂයක් ගොඩනැගුනු විට බොහො ගැටලු අවම කර ගත හැකි බව කිව හැකිය .
ද්වීතීක අධ්‍යාපනය මුලිකවම සකස් විය යුත්තේ තමා කවරෙක්දැයි නැතහොත් අනාගතයේ තමන් කෙබඳු වෘත්තියක නිරත් විය යුතුද තමන්ගේ හැකියාවන් සහජයන් මොනවාද යන්නත් හඳුනාගෙන ඒ අනුව හැඩ ගැසිම සඳහා අවස්ථාව ලබා දිම වෙනුවෙනි. මේ නිසා ස්විට්සර්ලන්තය මෙන්ම පින්ලන්තය වැනි රටවල 7 ශ්රේමණීයේ දී පැවැත්වෙන විභාගයකින් පසු ජීවිතයේ ඉලක්ක තෝරාගැනිමට අවස්ථාව දෙන අතර උසස් අධ්යා පනයට යොමු වනවාද වෘත්තීය අධ්‍යාපනයට යොමු වනවාද නැතහොත් කම්කරුවකු ලෙස රැකියාවක් සඳහා යොමු වනවාද යන්න 7 ශ්‍රේණියෙදී තීරණය කර තවත් වසර දෙකක් ඒ සඳහා ද්වීතීක පාසලේ රැඳී සිටිමින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දෙයි. වයස අවුරුදු 13 වන විට මෙම තෝ ගැනීම සිදු කළ හැකි නිසා දරුවන් ඒ අනුව හැඩගැසීමටත් ජීවිතයට අරමුනක් ඇති කර ගැනිමටත් හැකියාව ලැබේ.
අපේ රටේ උසස් අධ්‍යාපනයෙන් පසුව උපාධීය ලැබිමෙන් පසුව උවද තමාගේ ජීවිත අරමුණ ඇති කර ගැනිමට හැකියාවක් ලබා නොදේ. මේ නිසා අධ්‍යාපනය ජීවිතයෙන් පරාරෝපණ වු සංකල්පයක් ලෙස ලංකාවේ දී හඳුනා ගැනිම අහම්භයක් නොවේ.
ලංකාවේ අලුත උපන් දරුවන් වෙනුවෙන් මාතෘ පැකේජයක් ලෙස රැපියල් දෙදහසේ බඩු මල්ල ක්‍රියාත්මක වන විට, ස්විට්සර්ලන්තයේ ක්රිනයාත්මක වනුයේ ළමා ලදරු පොතක් සමඟ දෙමාපියන්ට පොත් තුනක් ලබා දීමයි මේ නිසා කියවීමේ සංස්කෘතියක් ඇති කිරීම අපේක්ෂා කරන අතර දෙමාපියන්ට තම දරුවන් නිවරදිව හදා ගැනිමට මෙය පිටි බලයක් සපයයි. අවිද්‍යාත්මක මිත්‍යාවන් බහුල ලෙස භාවිතයේ යෙදෙන හා අලුත උපන් දරුවන් මිත්‍යා විශ්වාසයෙන් බැඳ තබන විස්වාසයන් සහ මිත්‍යාෙවන් බහුල අප වැනි රටකට මෙවැනි පැකේජයකින් සිදු විය හැකි මෙහෙවය අතිමහත්ය. මේ නිසා අධ්‍යාපනය නිවරැදි කිරීම සඳහා සැලැසුම් සකස් කළ යුත්තේ දරුවන් මව් කුසේ සිටියදීමය .
ලංකාවේ පාසල් පද්ධතිය නැවත ගොඩ නැගිය හැක්කේ අධ්‍යාපනය ක්‍රමය තුළ සිදු කරන විප්ලවීය වෙනසකිනි. මෙය සිදු කළ හැක්කේ අධ්‍යාපනයේ ගැටලු ඇති කළ චින්තනය ඉක්මවා ගිය චින්තනයකිනි. සමහරක් ගැටලුවලට විසඳුම් සෙවිම සඳහා ගැටලුව ඇති කළ මානසිකත්වයෙන් සම්පූර්ණයෙන් බැහැර විය යුතුය. ඒ සඳහා අප විශ්වාස කළ ඉගෙනගත් බොහො දැනුම අත් හළ යුතුව ඇත.
වජිර කාන්ත උබේසිංහ