ගෙදර වැඩ නැති, උප­කා­රක පන්ති නැති, නිවාඩු ඇති ෆින්ලන්ත අධ්‍යා­ප­නය | Page 2 | සිළුමිණ

ගෙදර වැඩ නැති, උප­කා­රක පන්ති නැති, නිවාඩු ඇති ෆින්ලන්ත අධ්‍යා­ප­නය

2016 සිට ෆින්ලන්තයේ ක්‍රියාත්මක වන්නේ 2014 දී සංශෝධනය කරන ලද අධ්‍යාපන ක්‍රමය යි. එරට ළමුන් පාසලට ඇතුළත් වන්නේ වයස 7 සම්පූර්ණ වීමෙන් පසුය. පන්තියක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව ඉතා අඩුය. ගුරු ශිෂ්‍ය අනුපාතය 1 : 11 කි. එනිසා ක්‍රියාකාරකම් කිරීමට ඉඩකඩ ඕනෑතරම් තිබෙන අතර එක් එක් ශිෂ්‍යා කෙරෙහි අවධානය යොමු කිරීමට ද අවස්ථාව ලැබේ. දක්ෂ ළමුන් සහ අදක්ෂ ළමුන් යැ’යි වෙන් කිරීමක් නැත. ඔවුන්ගේ පරතරය ඉතා අඩු ය. වැඩකරන කාලය අඩු ය. ඉගෙනීම නිදහස් ය. සරල ය. උගන්වනවාට වඩා ඉගෙන ගන්නා හැටි උගන්වති.

භූගෝලීය වශයෙන් උතු‍රු යුරෝපයේ උතුරේ ම පිහිටි ෆින්ලන්තය ඉහළ ම ඒක පුද්ගල ආදායමක් ඇති බෙහෙවින් සුඛිත මුදිත රටකි. ඒ සම්බන්ධව අධ්‍යාපනයේ ද බලපෑමක් ඇත. වෙනත් රටවල දක්නට නැති සුවිශේෂ ලක්ෂණ මෙරට අධ්‍යාපනයෙහි දැකිය හැකි ය. එම සුවිශේෂ ලක්ෂණ මොනවාදැ’යි සොයා බැලීම අපට ද ප්‍රයෝජනවත් විය හැකි ය.

2016 සිට ෆින්ලන්තයේ ක්‍රියාත්මක වන්නේ 2014 දී සංශෝධනය කරන ලද අධ්‍යාපන ක්‍රමය යි. එරට ළමුන් පාසලට ඇතුළත් වන්නේ වයස 7 සම්පූර්ණ වීමෙන් පසුය. පන්තියක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව ඉතා අඩුය. ගුරු ශිෂ්‍ය අනුපාතය 1 : 11 කි. එනිසා ක්‍රියාකාරකම් කිරීමට ඉඩකඩ ඕනෑතරම් තිබෙන අතර එක් එක් ශිෂ්‍යා කෙරෙහි අවධානය යොමු කිරීමට ද අවස්ථාව ලැබේ. දක්ෂ ළමුන් සහ අදක්ෂ ළමුන් යැ’යි වෙන් කිරීමක් නැත. ඔවුන්ගේ පරතරය ඉතා අඩු ය. වැඩකරන කාලය අඩු ය. ඉගෙනීම නිදහස් ය. සරල ය. උගන්වනවාට වඩා ඉගෙන ගන්නා හැටි උගන්වති. ගෙදර වැඩ නැත. ටියුෂන් නැත. විවේක කාලය දිග ය. ගිම්හාන නිවාඩුව සති 10 කි. පාසලේ දී ශාරීරික ක්‍රියාකාරකම්වලට සෑහෙන වේලාවක් ගනිති. පන්තියෙන් පන්තියට මාරුවන කොරිඩොරයේ පවා පැනීමට, ලිස්සායාමට, සමබර වීමට හැකි වන සේ පසුබිම සකසා ඇත. ඉගෙනීම සාර්ථක වීමට මනා ආහාරයක් අවශ්‍ය යැ’යි සලකා නොමිලේ ආහාර සැපයේ. එහිදී ආහාර ගන්නා සිරිත් විරිත් ද පෝෂණය ගැන දැනුමක් ද ලබාදේ.

ලංක‍ාවේ මෙන් දෙමවුපියන් ගුරුවරුන් විවේචන කරන්නේ නැත. සෑම ගුරුවරයෙකුට ම පශ්චාද් උපාධියක් තිබිය යුතුය. විශ්ව විද්‍යාලයේ ඉහළින් ම සමත් වන අය ගුරු වෘත්තියට බඳවා ගැනේ.

ඔවුන්ට අමුතුවෙන් සේවස්ථ පුහුණු සංවිධානය‍ නොකෙරේ. ඔව්හු ස්වයං වෘත්තිය වර්ධනයක් කර ගැනීමට දනිති. දොස්තරවරුන් හා නීතිඥයන් හා සම ගෞරවයක් ද සම වැටුපක් ද ලබති. ගුරුවරයකුගේ සාමාන්‍ය මාසික වැටුප. ඇ:ඩො: 32513 කි. (ශ්‍රී ලංකා රුපියල් 4,23,000 කි. මෙරට මූලික පාසලේ අනිවාර්ය විෂය මාලාවේ විෂය ගණන 19 කි. (දහනවයකි) ඉතිහාසය, සමාජඅධ්‍යයනය, පරිසර අධ්‍යයනය, භූගෝල විද්‍යාව ඉන් සමහරකි. (Finish National Board of Education (Compulsory Education) in Finland - F N B E 2016) ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයෙහි තවත් ලක්ෂණයක් වන්නේ නිරන්තර නව්‍යකරණයන්ට ලක් කිරීමයි. Pheno menon - based Learning (සංසිද්ධි පාදක ඉගෙනුම් ක්‍රමය) එවැන්නකි. එකලා විෂය හෝ සමෝධානිත විෂය වෙනුවට සංසිද්ධීන් පදනම් කොට ගොඩ නැගෙන ඉගැන්වීමක් මෙයින් අදහස් කෙරේ. මෙරට ප්‍රාථමික අධ්‍යාපන කාලය වර්ෂ හයකි.

හයවන ශ්‍රේණිය අයත් වන්නේ ප්‍රාථමික අවධියටයි. 7 සිට 9 හෝ 10 තෙක් යුගයෙන් පසු සාමාන්‍ය ඉහළ ද්වීතිය අධ්‍යාපන අංශයෙහි හෝ වෘත්තීය පුහුණු ඉහළ ද්වීතිය අධ්‍යාපන අංශයෙහි හෝ අධ්‍යාපනය ලබති. සාමාන්‍ය ඉහළ ද්වීතියික අධ්‍යාපන අංශයට යන අය වර්ෂ තුනකට පසු මැට්‍රිකියුලේෂන් විභාගයට පෙනී සිටිති. වෘත්තීය පුහුණු ඉහළ ද්වීතිය අධ්‍යාපන අංශයට යන අය වෘත්තීය අධ්‍යාපන සහතික ලබති.

මෙරට ඉහත සඳහන් කළ සැහැල්ලු, ළමුන්ට විනෝදයෙන් විවේකයෙන් ඉගෙනීමට ඇති වාතාවරණය, ප්‍රතිඵල ඉහළ යාමට හේතු වේයැයි විශ්වාස කෙරේ. O E C D සංවිධානයට අයත් ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන මට්ටම ඇගැයීම සඳහා දියුණු රටවල අධ්‍යාපන මට්ටම ඇගැයීම සඳහා භාවිත කරන P I S A නිර්ණායකයට අනුව 2000 - 2009 දක්වා ගණිතය, කියවීම සහ මව්බස යන විෂය තුනෙන් ඉහළ ම ලකුණු ලබාගෙන සිටියේ ෆින්ලන්තය යි. එසේ වුවද ෆින්ලන්තයේ මෙම ඉහළ ම සාධන මට්ටම 2010 න් පසු පහළ වැටී ඇත. 2012 දී චීනය ද 2015 දී සිංගප්පූරුව ද ප්‍රමුඛත්වය ලබාගෙන තිබේ.

මෙහිදී සුවිශේෂ කාරණයක් වන්නේ චීනය හා සිංගප්පූරුවේ ඇත්තේ ෆින්ලන්තයට අසමාන අධ්‍යාපන ක්‍රමයක් වීමයි. විශේෂයෙන් සිංගප්පූරුවේ පාසල්හි තදබදය වැඩිය. පන්තියක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව වඩා වැඩිය. පාසල් පවත්වන දින ගණන, කාලච්ඡේද ගණන, ගෙදර වැඩ වැඩිය.

විභාග ගැන අවධානය ඉහළයි. තරගකාරී ය . සමහරවිට මෙහි අධ්‍යාපන ක්‍රමය Gas Cooker Pressure Education යනුවෙන් ද නම් කර ඇත. මෙහිදී ඇතිවන ගැටලුවක් වන්නේ අසමාන ක්‍රම දෙකක අධ්‍යාපනයක් ඇති රටවල් දෙකක ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන මට්ටම සමාන වූයේ කෙසේද යන්න යි. P I S A නිර්ණායකයට අනුව වඩා ඉහළ ලකුණු ලබා ගත හැක්කේ නිදහස්, විවේකී, නම්‍ය ගෙදර වැඩ නැති විභාග නැති ක්‍රමයන් ද නැතහොත් තරගකාරී, දැඩි, අවිවේකී, විභාග එල්ල කොට උගන්වන ක්‍රමයකින් ද යන්න අපැහැදිලිය. එසේ වුවද පැහැදිලි යමක් ඇත. එය නම් ෆින්ලන්ත ක්‍රමය අගය කරමින් බොහෝ රටවල් සිංගප්පූරු ක්‍රමයට සමාන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවය.

2002 දී ජාතික අධ්‍යාපන ආයතනයට පැමිණි ආසියානු සංවර්ධන හා නෝර්වේ සංවර්ධන අරමුදලේ (S E M P) උපදේශකයන් වූ ෆින්ලන්ත අධ්‍යාපනඥයන් ඇසුරු කිරීමට ලේඛකයාට අවස්ථාව ලැබුණි.

හිටපු අධ්‍යක්ෂ විෂයමාලා සංවර්ධන අංශය ජාතික අධ්‍යාපන ආයතනය

Comments