කෝට්ටේ සුවහස් මල් සංගමයේ සංවත්සරික මහා සභාව | Page 11 | සිළුමිණ

කෝට්ටේ සුවහස් මල් සංගමයේ සංවත්සරික මහා සභාව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සුවහස් මල් සංගමයේ සංවත්සරික මහා සභාව කෝට්ටේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. එහිදී කෝට්ටේ ප්‍රාෙද්ශීය ලේකම් අමල් එදිරිසූරිය, ජාතික උද්භිද උද්‍යාන සහ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂිකා රුවනි ගෝමස්, කෝට්ටේ ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍ය නිලධාරිනී (වකුගඩු ව්‍යාප්ති ඒකකය) බුද්ධිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් සභාව ඇමතූ අයුරු. ‍

මෙහිදී විශේෂ ආරාධිත දේශනය පැවැත්වූ වෛද්‍ය බුද්ධිකා ජයසිංහ මහත්මිය සුව ගෙවතු වෙනුවෙන් ඖෂධීය මල් සහ පැළ වගා කිරීමෙන් ආදායම් උපයාගත හැකි ආකාරය මෙන්ම එම මල් සහ පැළ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳවද රැස්ව සිටි පිරිසට කරුණු පහදා දුන්නාය. 

Comments