පොලී­සි­යත් වගා­වට සීරු­වෙන් | Page 11 | සිළුමිණ

පොලී­සි­යත් වගා­වට සීරු­වෙන්

පොලිසියක රථවාහන අංශයක් යනු රාජකාරි බහුලම හා නිතර ජනතාවගේ කෙනෙහිලි කම් වලට ලක්වන කලාතුරකින් පැසසුම් ලැබෙන්නාවුද පුදුමාකාර ස්ථානයකි.

එහෙත් පසුගියදා කන්තලේ පොලිසියේ රථවාහන අංශයේ දොරටුව අබියස දක්නට වූ දසුනකින් අප මවිතයට පත්වූයේ මෙතරම් රාජකාරි බහුල වූ මනුෂ්‍යයෝ ද තම සේවයට අමතරව රටට, ආර්ථිකයට යමක් කමක් කිරීමට මොන තරම් පරිත්‍යාගශීලි කමක් දක්වා ඇත්ද යන්නය. නුවරඑළිය ප්‍රදේශයේ හොඳට වැවන එළවළු වර්ගයක් වන බෝංචි තම රාජකාරි ස්ථානයේ මිදුලෙහි මල් පෝච්චි වල වගාකර තිබීමය. පොලිස් ස්ථානාධිපති උ.පො.පරීක්ෂක ජයසේකර මහතාගේ පූර්ණ කැපවීම මත වැඩකටයුතු සිදුවී ඇත.

 

සුමිත්‍රා කුමාරිහාමි කන්තලේ සමූහ

Comments