සාහි­ත්‍ය­යෙන් ඉංග්‍රීසි | Page 2 | සිළුමිණ

සාහි­ත්‍ය­යෙන් ඉංග්‍රීසි

සාහිත්‍යයෙන් ඉංග්‍රීසි තීරුවෙන් මෙවර අප හමුවට එන්නේ සාධාරණ සමාජයක් ගොඩනැඟීමේ අරගලයට දායක වූ කවියක් හා ගීතයක් ය. දෙකම කළු ජාතික ඇමරිකානු මිනිසුන්ට සම්බන්ධය. ගැහැනු පිරිමි අතර හෝ සුළුතර හා බහුතර ජනතාව අතර හෝ අයිතිවාසිකම් සමාන විය යුතු බවත්, එසේ නොවූ විට, පීඩිත පන්තිය කෙසේ හෝ නැඟී සිටීමට අධිෂ්ඨාන කර ගන්නා බවත් මෙම නිර්මාණ දෙකෙන් කියවේ.

 

Still I Rise

Maya Angelou

You may write me down in history

With your bitter, twisted lies,

You may trod me in the very dirt

But still, like dust, I'll rise.

 

Does my sassiness upset you?

Why are you beset with gloom?

'Cause I walk like I've got oil wells

Pumping in my living room.

 

Just like moons and like suns,

With the certainty of tides,

Just like hopes springing high,

Still I'll rise.

 

Did you want to see me broken?

Bowed head and lowered eyes?

Shoulders falling down like teardrops.

Weakened by my soulful cries.

 

Does my haughtiness offend you?

Don't you take it awful hard

'Cause I laugh like I've got gold mines

Diggin' in my own back yard.

 

You may shoot me with your words,

You may cut me with your eyes,

You may kill me with your hatefulness,

But still, like air, I'll rise.

 

Does my sexiness upset you?

Does it come as a surprise

That I dance like I've got diamonds

At the meeting of my thighs?

 

Out of the huts of history's shame

I rise

Up from a past that's rooted in pain

I rise

I'm a black ocean, leaping and wide,

Welling and swelling I bear in the tide.

Leaving behind nights of terror and fear

I rise

Into a daybreak that's wondrously clear

I rise

Bringing the gifts that my ancestors gave,

I am the dream and the hope of the slave.

I rise

I rise

I rise.

 

එහෙත් මම නැඟී එන්නෙමි

මායා ඇන්ගලූ

ඔබට හැකිය මාව ඉතිහාසගත කිරීමට

ඔබගේ තිත්ත ඇද බොරු වලින්

ඔබට හැකි ය මාව පස්වලටම තබා පාගන්න

එහෙත්, දූවිලි මෙන්, මම නැඟී එන්නෙමි

මගේ මුකරි බව ඔබ කලඹනවාද?

ඇයි ඔබ බුම්මාගෙන?

මම ඇවිදින හින්දා ද තෙල් නිධි ඇතිවාක් මෙන්

ගැහෙමින් මගේ විසිත්ත කාමරයේ

සඳවල් මෙන්, ඉරවල් මෙන්

මුහුදු වඩදිය සේ ස්ථීරව

ඉහළ යන පැතුම් මෙන්

තවමත් මම නැඟී එන්නෙමි

මාව කැඩී තිබෙනු ඔබට දකින්නට අවශ්‍ය වුණිද?

ඔලුව නමාගෙන, ඇස් පහතට කර?

කඳුළු බිඳු මෙන් කඩා හැලුණු උරහිස් සහිතව

මගේ හැඟුම්බර හැඬීමෙන් දුර්වල වූ?

මගේ ආඩම්බරය ඔබට නිගරුවක්ද?

එය තදින් හිතට නොගන්න

කිමද මම සිනහ වෙන්නේ මට රන් නිධි තියනවාක් මෙන්

කැනීමට මගේ ගෙවත්තෙහිම

ඔබට ඔබේ වචනවලින් මට වෙඩි තැබීමට හැකිය

ඔබේ නෙත් වලින් මාව කැපීමට හැකි ය

ඔබේ වෛරයෙන් මාව මැරීමට හැකි ය

එහෙත්, වායුව මෙන්, මම නැඟී එන්නෙමි

මගේ සරාගී බව ඔබට කරදරයක්ද?

ඔබ පුදුමයට පත්වෙනවාද

මම නටන්නේ දියමන්ති තියනවාක් මෙන් නිසා

මගේ දෙකළව හමුවන ස්ථානයේ?

ඉතිහාසයේ ලැජ්ජා ගුබ්බෑයම් වලින්

මම නැඟී එන්නෙමි

වේදනාව මුල් වූ අතීතයකින්

මම නැඟී එන්නෙමි

මම කළු සාගරයක්මි, උඩ පනින, පුළුල්

විශාල වෙමින් මම වඩදියෙහි රැඳෙමි

බියසුළු බව හා භයංකාරත්වය පිරි රාත්‍රිය පසෙකලා

මම නැඟී එන්නෙමි

ඉතා අලංකාර පැහැදිලි වූ අළුයමකට

මම නැඟී එන්නෙමි

ගෙන එමින් මගේ මුතුන් මිත්තන්ගෙන් ලත් තෑගි,

මම වෙමි වහලුන්ගේ සිහිනය හා පැතුම

මම නැඟී එන්නෙමි

මම නැඟී එන්නෙමි

මම නැඟී එන්නෙමි.

“still”යන වචනය “එහෙත්” සහ “තවමත්” යන අර්ථ දෙකෙන්ම මෙම පරිවර්තනයේ යොදා ඇත.

මායා ඇන්ගලූ යනු කළු ජාතික කිවිඳියක්, පුරවැසි හිමිකම් ක්‍රියාකාරිනියක්, ගායිකාවක් හා නිළියක් ය. කළු ජාතිකයන් වෙනුවෙන් හා කාන්තාවන් වෙනුවෙන් හඬක් නැඟූ ඉතා ප්‍රබල කිවිඳියක් සේ ඇය ඉතිහාසගත වී ඇත. කළු ජාතික ඇමරිකානු කාන්තාවක විසින් ලියන ලද, වඩාත්ම හොඳින් විකිනෙන ග්‍රන්ථ ලැයිස්තුවට අයත් වුණ මුල් පොත ඇගේ ස්වයංචරිතාපදාන I Know Why the Caged Bird Sings (කූඩු කළ පක්ෂියා ගයන හේතුව මම දනිමි) ග්‍රන්ථයයි. මානව අයිතිවාසිකම් ගැන විශාල ක්‍රියාකාරිත්වයක් ඇයගේ මුළු ජීවිත කාලය පුරාම පෙනෙන්නට තිබුණි. මාටින් ලූතර් කින්ග් ඇගේ මිතුරෙක් වූ අතර ඔහුගේ ඝාතනය සිදු වූයේ ඇගේ උපන් දිනය දා යැයි කියවේ. “එහෙත් මම නැගිටින්නෙමි” යන කවියෙන් ඇගේ ස්ත්‍රීවාදය ඉතා අලංකාරවත් හා ප්‍රබලවත් දක්නට ලැබේ.

 

We Shall Overcome

song of protest (The American Civil Rights Movement)

We shall overcome, we shall overcome,

We shall overcome someday;

Oh, deep in my heart, I do believe,

We shall overcome someday.

 

We'll walk hand in hand, we'll walk hand in hand,

We'll walk hand in hand someday;

Oh, deep in my heart, I do believe,

We'll walk hand in hand someday.

 

We shall live in peace, we shall live in peace,

We shall live in peace someday;

Oh, deep in my heart, I do believe,

We shall live in peace someday.

 

 

We shall all be free, we shall all be free,

We shall all be free someday;

Oh, deep in my heart, I do believe,

We shall all be free someday.

 

We are not afraid, we are not afraid,

We are not afraid today;

Oh, deep in my heart, I do believe,

We are not afraid today

 

අපි ජය ගන්නෙමු

(ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ගීතයක්)

අපි (බාධක) ජය ගන්නෙමු, අපි ජය ගන්නෙමු,

අපි ජය ගන්නෙමු කවදා හරි;

මගේ හද පතුලෙන්ම, මම විශ්වාස කරමි,

අපි ජය ගන්නා බව කවදා හරි.

අපි අතිනත ගෙන ඇවිදිමු, අපි අතිනත ගෙන ඇවිදිමු,

අපි අතිනත ගෙන ඇවිදිමු කවදාහරි;

මගේ හද පතුලෙන්ම, මම විශ්වාස කරමි,

අපි අතිනත ගෙන ඇවිදින බව කවදා හරි.

අපි සාමයෙන් ජීවත් වන්නෙමු, අපි සාමයෙන් ජීවත් වන්නෙමු,

අපි සාමයෙන් ජීවත් වන්නෙමු කවදාහරි;

මගේ හද පතුලෙන්ම, මම විශ්වාස කරමි,

අපි සාමයෙන් ජීවත් වන බව කවදාහරි.

අපි සියල්ලෝම නිදහස් ව ඉමු, අපි සියල්ලෝම නිදහස් ව ඉමු,

අපි සියල්ලෝම නිදහස් ව ඉමු කවදාහරි;

මගේ හද පතුලෙන්ම, මම විශ්වාස කරමි,

අපි නිදහස්ව ඉන්නා බව කවදාහරි.

අපි නොබිය ව ඉන්නෙමු, අපි නොබිය ව ඉන්නෙමු,

අපි නොබිය ව ඉන්නෙමු අද දවසේ;

මගේ හද පතුලෙන්ම, මම විශ්වාස කරමි,

අපි නොබියව ඉන්නා බව අද දවසේ

මෙම වචන මානව හිමිකම්වලට සටන් වදින්නන් අතරේ ඉතාම ජනප්‍රිය ගීතයකට අයත්ය. විශේෂයෙන් ම 1950 සහ 60 ගණන්වල ඇමරිකාවේ (Civil Rights Movement)සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ නිල ගීතය ලෙස සැලකුම් ලැබීමට තරම් මෙම ගීතය බොහෝ විට භාවිතා කරන ලද්දක් විය. මෙම ව්‍යාපාරය අවිහිංසාවාදී කළු ජාතිකයන්ට සම තැනක් ලබා ගැනීම වෙනුවෙන් 1950 ගණන්වල දියත් වූ ව්‍යාපාරයක්ය. එහි පුරෝගාමියකු වූ මාටින් ලූතර් කින් 1968 දී ඝාතනය කරන ලදී. මෙම ගීතය චාල්ස් ඇල්බට් ටින්ඩ්ලි විසින් 1900 ගණන්වල ලියූ පල්ලියට සම්බන්ධ (hymn) ගීතයක් ලෙස සැලකේ. මෙය අන්තර්ජාලයේ youtube චැනලයට ගොස් බැලිය හැකි ය.

ව්‍යාකරණ ඉඟිය

මෙම කවි දෙකම ක්‍රියා පදය සරල අනාගත කාලයේ යෙදෙන සැටි පෙන්වා දෙයි. ප්‍රධාන ක්‍රියා පදයට පෙර “will” යන උපකාරක ක්‍රියා පදය යෙදීමෙන් සරල අනාගත කාලය සාදාගත හැකිය. “I” සහ“we” යන උත්තම පුරුෂ සර්ව නාමයන් “shall” යන උපකාරක ක්‍රියා පදය “will” වෙනුවට භාවිතා කිරීමේ පුරුද්දක් තිබුණ ද වර්තමානයේ එය එතරම් සැලකිල්ලට ගන්නා රීතියක් නොවේ.

උදාහරණ :- We shall overcome.

They will go home next week.

ඔවුහු එන සුමානයේ ගෙදර යන්නෝය.

ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Comments