
(සාහිත්‍යයෙන් ඉංග්‍රීසි නම් වූ මෙම ලිපි පෙළෙහි අදහස ඉංග්‍රීසි සාහිත්‍යයට ප්‍රවේශයක් දී එයට ඇල්මක් ඇතිකරන අතරම ඉංග්‍රීසි භාෂාව ගැන යම් ව්‍යාකරණ ඉඟියක් ද දීමය. ආශ්වාදය සහ විනෝදය සමග දැනුමක් ලබා දීම මෙතුළින් බලාපොරොත්තු වේ.
What are heavy?
- Christina Rossetti
What are heavy?
Sea-sand and sorrow;
What are brief? Today and tomorrow;
What are frail? Spring blossoms and youth;
What are deep? The
ocean and truth.
බර මොනවද?
- ක්‍රිස්ටීනා රොසෙටි-
බර මොනවද? මුහුදු වැලි සහ දුක
කෙටි මොනවද? අද සහ හෙට
දුර්වල මොනවද? වසන්තයේ මල් සහ තාරුණ්‍යය
ගැඹුරු මොනවද? සාගරය සහ සත්‍යය.
What is Pink?
- Christina Rossetti
What is pink? A rose is pink
By the fountain's brink.
What is red? A poppy's red
In its barley bed.
What is blue? The sky is blue
Where the clouds float through
What is white?
A swan is white
Sailing in the light.
What is yellow? Pears are yellow,
Rich and ripe and mellow.
What is green? The grass is green,
With small flowers between.
What is violet? Clouds
are violet
In the summer twilight.
What is orange? Why,
an orange,
Just an orange!
රෝස පැහැති මොනවද?
- ක්‍රිස්ටීනා රොසෙටි-
රෝස මොනවද? රෝස මල් රෝස පැහැතියි
දිය උල්පත අද්දර
රතු මොනවද? පොපි මල් රතු පැහැතියි
බාර්ලි පාත්තියේ තිබෙන
නිල් මොනවද? අහස නිල් පාටයි
වළාකුළු පාවී යන
සුදු මොනවද? හංසයෝ සුදු පාටයි
ආලෝකයේ පිහිනන
කහ මොනවද? පෙයාර්ස් ගෙඩිය කහපාටයි
සරු, ඉදුණු හා මෙළෙක්
කොළ පාට මොනවද? තණකොළ කොළ පාටයි
කුඩා මල් අතරින් පතර වැවී ඇති
දම් පාට මොනවද? වළාකුළු දම්පාටයි
ග්‍රීෂ්ම සෘතු සැඳෑවක
තැඹිලි මොනවද? ඇයි තැඹිලි
නිකං තැඹිලි!
* * *
(* ‘Orange’යන ඉංග්‍රීසි වචනයේ තේරුම ‘දොඩම්’ය. එහෙත් කවියට සරිලන සේ පාට හා පලතුරට එක වචනයක් ඇති අවස්ථාවක් සිංහල භාෂාවෙනුත් අවශ්‍ය වූ හෙයින් එය තැඹිලි පලතුරට මෙහි වෙනස් කර ඇත.)
ක්‍රිස්ටීනා රොසෙටි (1830-1894) වික්ටෝරියානු යුගයේ විසූ කිවිඳිය, (සමහර විට වර්තමානයේ වැඩියෙන්ම කියවන කිවිඳියක විය හැකිය.) ඇගේ කවි සරලය, සංකීර්ණ කියමන්වලින් තොරය. මුලින් ඇගේ කවි විචාරාත්මක ප්‍රසංශාවලට වැඩියෙන් පාත්‍ර නොවූ අතර වර්තමානයේ විශේෂයෙන්ම ස්ත්‍රීවාදී කියවීම නිසා, ඇය නැවත ඇගයීමකට ලක්වුණු කිවිඳියකි.
ව්‍යාකරණ ඉඟිය
මෙම කවි දෙකෙන්ම ‘be’ ක්‍රියා පදය (එහි වර්තමාන (present simple) රූපය තුළ ‘wh’ ප්‍රශ්නයකට නැගෙන්නේ කෙසේද යන්න දැක ගත හැකිය.
Light
- Francis W. Bourdillon
The night has a thousand eyes,
The day but one;
Yet the light of the bright world dies
With the dying sun.
The mind has a thousand eyes,
And the heart but one;
Yet the light of a whole life dies
When its love is done.
එළිය
-විලියම් බූඩිලන්
රාත්‍රියට ඇස් දහසක් ඇත
දවසට ඇත්තේ එකයි
එහෙත් දීප්තිමත් ලෝකයේ එළිය මියැදෙයි
බැසයන හිරු සමග
මනසට ඇස් දහසක් ඇත
හදවතට ඇත්තේ එකයි.
එහෙත් මුළු ජීවිතයේම එළිය මියැදෙයි
එහි ආදරය ගෙවී ගිය පසු
* *
විලියම් බූඩිලන් ද වික්ටෝරියානු යුගයට අයත් කවියෙක් හා පරිවර්තකයෙකි. ඔහුගේ කවිවලින් වඩාත් ප්‍රසිද්ධ වූයේ මේ කවිය ය
ව්‍යාකරණ ඉඟිය
‘be’ ක්‍රියා පදයට අමතරව යමක් විස්තර කිරීමට ‘have’ ක්‍රියා පදය භාවිත වේ.
උදා:- I have long hair
මට දිග කොණ්ඩයක් තියෙනවා
මෙම කවියේ එම ‘have’ ක්‍රියා පදයේ භාවිතය මුල් හා පස්වැනි වැකිවල බෙහෙවින් පෙනී යයි.