
අද මේ ඉඩ වෙන් වෙන්නෙ 'සහෝදරයා' ටෙලිනාට්‍ය වෙනුවෙනි. ටෙලි නාට්‍ය බැලූ අයට එය ආවර්ජනය කරගන්නත්, නොබැලූ අයට අන්තර්ජාලයෙන් හෝ බලා තම සිතන අවකාශය පුළුල් කර ගැනීමටත් මෙය ඉවහල් වේයැයි සිතමු.
'ජීවිතයට ඉඩදෙන්න' 'අප්පච්චි' 'අහසින් වැටුණා' 'බොහිමියානුවා' 'රතු අහස' 'තාරා' ආදී කතාබහට ලක්වුණු ටෙලිනාට්‍ය ගණනාවක පිටපත් රචකයා වුණු නාමල් ජයසිංහගේ 'සහෝදරයා' ටෙලි නාට්‍යය අද අප ගත කරන මේ මොහොත පිළිබඳව නැවත හිතන්න අවස්ථාවක් උදා කර දී තිබේ. ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් විශාල සංවාදයක් ජනගත වෙමින් තිබෙන මොහොතක මේ පිළිබඳව කියන්නට බොහෝදේ තිබුණත්, පාඨක ඔබට නාට්‍ය දෙබස් සමීපකිරීමේ පරමාර්ථය ඒ සංවාදය ඉදිරියේ ගොඩනැගීමේ අපේක්ෂාව පෙරදැරිවය.
අජන්ත - "උන් ආයි වැඩේ පටන් ගන්නව කියලා මං උඹට කිව්වා . ආණ්ඩු මාරු වුණාට සිස්ටම් මාරු වුණේ නෑ."
ආචාර්යවරයා - "විරුද්ධ පක්ෂ කියල එකක් නැහැ නේ බං. උන් ඔක්කොම සෙට්එක එකට නේ ඉන්නේ."
රජිව් - "උඹ ඇයි ඔච්චර කේන්ති ගන්නේ."
අජන්ත - "කවුද බං කේන්ති ගන්නේ. වංචා.. දූෂණ ඕව නිකං පපඩම් ඉෂූ.. බං. බොරුවට මරණ තර්ජන ඉගෙන ගන්න ඕවා හොඳයි."
රජිව් - "දැන් උඹ කියන්නෙ මොකක්ද?"
අජන්ත - "මේ ජාතීන් අතර ප්‍රශ්නය මුන් ආයි අවුලවනවා. එහෙම නැත්තම්, අනික් එවුන් අවුස්සනකන් ඉඳල ඒකේ වාසිය උන් ගන්නවා. මේ හැම ආණ්ඩුවක්ම බලය පවත්වාගෙන යන්නෙ බොහෝම දැනුවත් ව. උඹ හොඳට බලපන්, මේ සමාජය බෙදල වෙන් කරල. මේ යන විදියට ආයිමත් බිලි පූජාවක් එනවා. හැබැයි අපි තාම දන්නෑ. මේ පාර තුවක්කුව හැරෙන්නෙ සිංහල සමාජයටද? දෙමළ සමාජයටද? කියලා. කාට වුණත්, ඒ හැරෙන්නෙ අපිට කියන අදහස මේ සමාජය ඇතුළෙ හදන්න ඕන.."
හිඟන්නා - "කීයක් හරි දෙන්න මහත්තයා."
අජන්ත - "යනව යන්න. සල්ලි නැහැ.
හිඟන්නා - "තේ එකක් බොන්න කීයක් හරි දෙන්න."
අජන්ත - "හම්බු කරනවා. හම්බු කරල තේ එකක් බොනවා.
කිව්වාහම යනව යන්න. සල්ලි නැහැ.
(රජිව් මුදල් දී හිඟන්නා පිටත් කරයි)
හිඟන්නා - "පිං සිද්ධ වෙනව මහත්තයා. හැදූ වැඩූ දෙමවිපියන්ට බුදු බව අත්වෙන ඕන මහත්තයා.
හිතන පතන කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන."
රජිව් - "හරි හරි. යන්න."
හිඟන්නා - "ලබන ආත්මෙත් මේ වගේම සැපවත් ජීවිතයක් මහත්තයට ලැබෙන්න ඕන.
අජන්ත - "මඟුල, යනව ඕයි යන්න."
රජිව් - "මොකද බං වෙලා තියෙන්නේ."
අජන්ත - "උඹ ඒ කරේ උදව්වක්ද ?
රජිව් - "පව් බං"'
අජන්ත - "මේ රටේ හිඟන්නො හදන්නෙ, උඹල වගේ ඊළඟ ආත්මය ප්ලෑන් කරන මධ්‍යම පාන්තිකයො."
රජිව් - "අනේ උඹේ ...."
රජිව්ගේ සොයුරිය - "මල්ලී ඔයාල කරන්න. අපිටත් පුළුවන් උදව්වක් අපි දෙන්නම්. ඒත් වැඩක් නැහැ. කොහොමත් එකයි. මේක මරණවලින් පාඩම් ඉගෙන ගන්න රටක් නෙමෙයි. මේ පළවෙනි මරණෙ නෙමෙයි...මේක අන්තිම එකක් නෙමෙයි. මේ හිඟන්නුන්ට මේ රට භාර දීල යන්න තියෙන්නෙ.
මේ රට පාළු කන්ත්තක් වෙනකම් මේ රටේ මිනිස්සු මෙහෙන් යන්නයි තියෙන්නෙ. එතකොට ඔය හිඟන්නො ටික
කනත්ත බදාගෙන ඉන්නෙ නැතැයි."
අජන්ත - "මේව උඩට දැනෙන ප්‍රශ්න. ඇත්ත ප්‍රශ්න මේව නෙවෙයි. ලියනව නම්, මෙන්න මේ ජරා වැඩ ටික කරගෙන යන්න කරපු වැඩ ටික. ඒව ගැන ලියපන්. වෙනස් වෙනස් පක්ෂ හදාගෙන එකම අරමුණක් වෙනුවෙන් බලය ගන්න , මේ රටේ මිනිස්සු භේද කරපු එක ගැන ලියපන්. ඒ භේදය නැතුව බලය පවත්වාගෙන යන්න මුන් දන්නෙ නැහැ. මුන්ට ඕන මේ තුවාලෙ ආයෙමත් පාරක් යටටම හාරන්න.
ඒක ගැන ලියපන්. උඹ මොකක්ද අර හැමතිස්සෙම කියන ඉංග්‍රීසි යෙදුම, හිස්ටරි රිපීට්ස් (HISTORY REPEATS)... ඉතිහාසය නැවත නැවත සිද්ධවෙනව සහෝදරයා...57 බණ්ඩාරනායක චෙල්වනායගම් සම්මුතියට විරුද්ධව, අන්තවාදී සිංහල බෞද්ධ මතය අවුස්සල, නුවර ඉඳන් කොළඹට පෙළපාළි ආවෙ කවුද? ඔය බලය බෙදන්න කියන එවුන්මයි. අන්න වුන් ගැන ලියපන්."
" 70-75 සභාග ආණ්ඩුවට රිංගගෙන, 71 කැරැල්ල ආවම ඒ ආණ්ඩුවේ රෙද්ද අස්සෙ රිංගගෙන 15000 විතර තරුණයො මැරෙනකම් බලන්හිටිය ඒ නිවට වාමාංශිකයො ගැන ලියපන්.
පනහට පනහ ඉල්ලල දෙමළ ජාතිවාදය අවුස්සල, ඇමති පට්ටම් අරන්, නිහඬ වෙච්ච ඒ දෙමළ නායකයො ගැන ලියපන්.
80වේ වැඩ වර්ජනය රටේ පොදු ප්‍රශ්නයක් නෙමෙයි කියල හිතපු ඒ කුහක දෙමළ නායකයො ගැන ලියපන්.
88-89දි අති බහුතරයක් අව වරප්‍රසාදිත මිනිසුන්ගෙ ප්‍රශ්න, සිංහල මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් විදියට පුංචි කරපු, ඒ කුහක විප්ලවවාදීන් ගැන ලියපන්.
දකුණේ සිංහල කොල්ලො කෙල්ලො බුරුතු පිටින් මැරෙද්දි,
ආ... ඒක අපේ ප්‍රශ්නයක් නොමෙයි කියල, අකුලන් හිටපු ඒ කුහක දෙමළ විප්ලවවාදීන් ගැන ලියපන්.
සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝගෙම පොදු හතුරා අනිත් ජාතීන් නෙවෙයි අපිම බලයට ගේන මේ ආණ්ඩු. ඒ ගැන ලියපන්.
දූෂණ, වංචා,ජරාව කොමිස් නෙමෙයි බං, මේ තුවාලෙම හාර හාර වණයක් කරන හැටි ලියපන්.
රජිව් - "ඔව් අපි ඒ ගැනත් ලියමු සහෝදරයා."
අජන්ත - "ප්ලෑන් එක මෙහෙමයි. අපේ පළවෙනි ආර්ටිකල් එක ඔයාගෙ පත්තරේ එඩිටට මේල් කරනවා. රජීව්ගෙ මේල් එකෙන්."
තරුණයා - "රජිව් සර්ගෙ මේල් එකෙන්."
අජන්ත - ඔව්. මං පාස්වර්ඩ් එක දන්නවා.
තරුණයා - අයියා දන්නවා.
අජන්ත - "ඔව්, ඇයි?"
තරුණයා -" නෑ..නිකන්.''
අජන්ත - "ජීවිතේ සියලු රහස් දන්න එක්කෙනෙක්වත් නැද්ද? අඩුම තරමෙ සහොදරයෙක්වත්? ජීවිතේ එහෙම එක්කෙනෙක් හරි ඉන්න ඕන මල්ලි. සෙවන්ටි නයින්, අවුට්සයිඩර්,අන්ඩර්ස්කූප්,එස්.එල් ලියාගන්න එපා මතක තියාගන්න."
රජිව් - "උඹ මගේ අම්මව, උත්තරාව, මගේ දරුවව අතඇරල දාල අවා. ඊටත් මට අමාරුම වෙලාවෙ."
අජන්ත - "මං එහෙම දාල ආව නෙමෙයි බං."
රජිව් - "කමක් නැහැ. මට ඒකට උඹට මුකුත් කියන්න බැහැ.''
අජන්ත - "මං එතන ඉන්න එක එයාලට ප්‍රශ්නයක්.උඹට තේරෙන්නේ නෑ, මේ ප්‍රශ්නෙ තියෙන බරපතළකම.
රජිව් - "උඹත් ආදරේ උඹේ අම්මට විතරද? උඹත් ආදරේ උඹේ කෙල්ලට විතරද? උඹත් ආදරේ උඹේ දරුවට විතරද? අනිත් එවුන් වගේ ම"
අජන්ත - "නෑ. මං එහෙම නෑ. උඹ ඒක හොඳට දන්නවා."
අජිව් - "උඹත් එහෙම වුණොත් කෝ බං අපිට උදාහරණ. අපි කාවද පෙන්නන්නෙ. මේක තමයි අපි තෝරගත්තු ජීවිතය. දැන් අපේ ජීවිත අපේම නෙමෙයි බං."
රජිව්ගේ සොයුරිය - "මේ රටේ ඉන්නෙ කිසිම කෙළෙහිගුණයක් දන්නෙ නැති කාලකණ්ණි මිනිස්සු. දුප්පත් හිඟන්නු...තමන්ගෙ පවුල්වල වුන්ගෙ බඩ ගැන හිතන හිඟන්නු...උන්ට රටක් වැඩක් නෑ. ජීවිත වැඩක් නෑ. කන්න බත් හැන්ඳක් තිබ්බොත් ඇති. දුප්පත් කමින් දීනවෙලා, අඳබාලවෙලා. ආත්මය මරාගත්තු හිඟන්නු.
''සහෝදරයිනි........
නිර්මාණය තුළ වීරයන් ඉතිරි කළ යුතු නැත . නිර්මාණ තුළ විප්ලව, අරගල දිනිය යුතු නැත. ආදර කතා උත්කර්ෂයෙන් අවසන් විය යුතුද නැත.
මේ නිශ්චිත මොහොතේ..ඒ අරගල, ඒ ආදරය, ඒ වීරත්වය දිනාගත යුත්තේ අපමය. අපේ ජිවිත තුළය.
අජන්ත ජිවත් වෙලා අප වෙනුවෙන් සමාජය වෙනස් කරනවා දකින්නද ආස.?නාට්‍ය ඇතුලේ හරි? මම ඔයාලට ඒ සරල උත්තරේ දීලා..ඔයාලට සැනසීමේ නින්ද යන්න අවස්ථාව දෙන එකද බලාපොරොත්තුව.? මම කරන්නේ ඔයාලගේ ඒ හිරිවැටුණු සැනසීම නැති කරන එක.
අජන්ත අහිමි කරන්නේ ඔබට සහ මට අපේ යුතුකම නැවත නැවත මතක් කරවන්න. නාට්‍ය ඇතුලේ වීරයෝ හදල.. අරගල දිනලා වැඩක් නැ. දැන් නාට්‍ය තියෙන්නේ එළියේ. අප අතරේය.
'සහෝදරා නාට්‍යයේ අධ්‍යක්ෂ නාමල් ජයසිංහ'
මේ අපමය. අප වෙළාගෙන සිටින මේ පිරිපතින් නිදහස් විය යුත්තේ අපමය. එය කිසිවකු කරන තුරු අකුලාගෙන සිටීම නිවට කමකි, අධම කමකි, මුග්ධ කමකි. ඒ සැමටම වඩා කුහක කමකි. ඉතිං දැන්වත් ඇහැරෙන්න...