
මිනිහගෙන් හැමදාම ගුටිකාපු ගැහැනියකගේ මිනිහ මිය ගිය පසු ගුටි නොකා රෑට නින්ද යන්නේ නැති හෙයින් වංගෙඩියක් වහලේ එල්ලාගෙන වංගෙඩිය ඇඟේ වද්ද ගත් කතාවක් ජනප්‍රවාදයේ එයි.
එයින් කියවෙන්නේ අපි යම් දෙයකට ඇබිබැහි වුවහොත් නැතහොත් පුරුදු වුවහොත් එයින් ඈත් විම අසීරු වන බවයි. හොඳ හෝ නරක එවැනි පුරුදු අප තුොළ නිරන්තරයෙන් ඇති බව අප විසින් අපම පරික්ෂා කර බැලුවහොත් පෙනෙනු ඇත .
එසේම එවැනි පුරුදු යම් ජාතියකට අනන්‍ය ඒවා ලෙසද පැවතිය හැකියි. ඇබිබැහි විමත් අපුරු දෙයකි. අබිබැහි වීම යනු කවුරු කොහොම කිවුවත් කරන දෙයකි. ඇබ්බැහියෙන් මිදෙන්නට නම් කුවුරුවත් කීවාට වැඩක් නැත එය තමන්ට ඇති විය යුතු වුවමනාවකි. සමහර විට යම් යම් දේවල් සඳහා අප ඇබිබැහි වන්නේ අපි නොදැනුවත්ම වුවද ඇබ්බැහිවලින් මිදිම සඳහා දැනුවත්ව සටන් කිරීම අනිවාර්ය වේ.
එහිදි හොඳම දේ වන්නේ වැරැදි පුරුද්දක් හෝ වැරදි ඇබ්බැහියක් වෙනුවට හොඳ පුරුද්දක් හෝ හොඳ ඇබ්බැහියක් ආදේශ කරගැනිමකි. මේ සඳහා වෙහෙසවිය යුතු වන්නේ මනෝවිද්‍යාඥයින් කියන විදියට දවස් විසි එකකි. ඒ අන් ඕනෑම දෙයක් එක දිගට නොකඩවා දවස් විසිඑකක් සිදු කළ හොත් එය ජීවිත ඇබ්බැහියක් නැතහොත් පුරුද්ද්ක බවට පත්වේ.
ලාංකිකයො විදියට අපිටත් අපූරු ඇබිබැහියන් ඇත. ඉන් එකක් වන්නේ තමන් පාලනය කිරිමට සුදුස්සන් තෝරා නොගන්නා අපුරු අබිබැහියකි.
වෙනත් රටවල් නිවරදි නායකියින් බුද්ධිමත් නායකයින් තමනගේ රට වෙනුවෙන් තම ප්‍රදේශය වෙනුවෙන් තීරින ගැනිම සඳහා තෝරා ගනිමින් එම රටවල්වල මිනිසුන් ගේ ජීවත සුවපහසු ආරක්ෂිත සැනසිලි දායක ජීවිත බවට පත් කර ගනිද්දී අපි අපේ ඇබ්බැහිය නිසාවෙන් රටත් අපත් අඳුරේ තබා ගැනිමට සමත් වි තිබේ. මේ නිසා දේශපාලන පක්ෂවලට බුද්ධිමත් නොවන ඕනෑම ජාතියේ මිනිසෙක් දමා ජන්දය දිනීමට හැකියාව ලබා දී ඇත. ඒ විතරක් නොව රටේ වැදගත්ම ක්ෂත්‍රයන් පවා මේ නොසුදුස්සන්ට බාර දිමට තරම් අපි නුසුදුස්සන් රජ කරවිමට ඇබ්බැහි වි සිටිමු. වැරදිකරුවන්ට පිරිත් නුල් බැදිමටත් ඔල්වරසන් දිමටත් ඇප ලබා දිමටත් ඉදිරිපත් වන්නේත් මේ නිසාවෙනි .
ගලේ පහරපු එවුන්ගේ ජරාව වහන්නටද මිනිසුන් බිහිවන්නේ මේ නිසාවෙනි.
එකිනෙකාගේ අසුචි පිහිදාන්නට යන අයගේ අත්වලත් අසුචි ගෑවෙන බව දන්නා මුත් ලංකාවේ අපිට ඒවා එතරම් ගැටලු නොවේ. මක් නිසාද යත් මිනිහා මිය ගියත් අපිට වංගෙඩියක්වත් එල්ලා ගෙන ගුටිකෑම ඇඟට පත්තියම් වී තිබෙන බැවිනි.
නිකම් දෙනවා නම් ලෙඩ රෝග වුවද අපි ඉක්මනින් ගන්නෙමු. ලෙනාඩ් වුල්ප් මේ ගැන තම පොත්වලත් ලියා ඇත.
සිංහලයාගේ ඇති බලවත් ඇබිබැහියක් වනනේ නිකම් දෙනවිට ඕනෑම හත් ඉලව්වක් ලබා ගැනිමේ අත් හල නොහැකි පුරුද්දයි. මේනිසා නිකන් දෙන ණය බැංකුවලින් ගෙන නිකම් වියදම් කරනවා විනා යමක් නොකළ බව අවුරුදු හැත්තැවක් තිස්සේ අප කළ දේවල්වලින් ඔප්පු කර ඇත.
නිකම් දෙන නිසා ණය ගන්නා මිනිසුන්ද ඹවුන් විසින් පත් කර ගන්නා නායකයිනද සිටින විට රට මේතරමින් තිබීම ගැන දුක් විය යුතු නොවේ. ණයක් ගත්තෙ නැති නම් නායකයෙක් ලෙසට පිලිගැනීමත් අසීරු වන තරමට අපි ණය ලබා ගැනිමේ පුරුද්දෙන් පත්තියම් වී සිටිමු .
වැරැද්දක් සිදුවු විට එය තව කාගේ හෝ පිට පැවටවීම අපට ඇති අනෙක් ඇබ්බැහියකි. මේ නිසා ලංකාව නැමැති රටේ සිදුවන කිසිදු වැරැද්දකට වැරැදි කරුවන් නැත.
එකිනෙකා එකිනෙකාට වැරදි පටවමින් සිටින අතර අවසාන වැරැදිකරුවා බවට පත් කර ඇත්තේ කරුමය හෝ කතා නොකරොන දෙවියන් පමණී . මේ නිසා වැරදි නිවරැදි කර ගැනිමට අපි තරම් අසමත් ජාතියක් වී සිටිමු. වැරැදි නොකළද බණ දෙසීමත් බණ ඇසිමත් ඇබිබැහියක් ව ඇත.
මැරුණූ විටත් හත් දවසෙත් තුන්මාසේ විතරක් නොව පෝයට දන්සලට විතරක් ද නොව කවියෙන් ආසන දෙකෙන් විචිත්‍ර දේශකයින්ගෙන් පමණක් නොව සුපර් ස්ටාර් වැනි හිමි වරුන්ගෙන්ද නිරන්තරයෙන් බණ අසමු. සල්ලි ටිකක් වැඩිපුර ඇත්නම් නාලිකාවක බණක් කියවා දොහොත් මුදුන් දී වැඳගෙන සිටීමේ ඇබ්බැහියක්ද අපට ඇත.
බණ ඇසුවද බණ පිළිපැදීමේ ඇබ්බැහියක් නම් අපට නැත. එසේම බණ දෙසන්නන්ගෙන් වැඩි පිරිසක් බන නොපිල්පදින බවත් අප පුරුද්දෙන් මෙන් දනිමු. ඒ ඇබිබැහියේ හැටිය. ඇඟට පත්තියම් වු විට එය නොකර බැරි තැනට පත්වේ.
සිගරට් රුපියල් පනහට ගියත් අපිට පත්තරයක් රැපියල් දහයක් දී ගැනීමේ පුරුද්දක් නැත. ඒ වෙනුවට රුපියල් දෙක තුනක් පමණ වියදමින් හදන සිගරැට්ටුව රැපියල් පනහකට අරගෙන පත්තුකර දමමු.
ඒ ඇබිබැහියේ හැටිය. රුපියල් පනහ නොව සීයයට ගියත් සිගරට් කොම්පැනිය වැහෙන්නේ නැත්තේ ඒ නිසාවෙනි. දවසකුලිය දී අරක්කු බොන මිනිසුන් සිටින්නේ ද අපේ අනෙක් ඇබ්බැහිය නිසාවෙනි.
ලෝකයේ හොඳම බේබදු කප් එක පිටපිට තුන් හතරවතාවක් අපිට පිරිනැමෙන්නේ මේ ඇබිබැහිය නිසාවෙනි. මගුලටත් මරණයටත් පිංකමටත් වල කෑපිමටත් උපන් දිනයටත් බබා ඉපදුනාමත් බත් දෙනකොටත් කන් විදින එකටත් වැඩිවියට පත්වීමටත් පාසලට දැමිමටත් විභාග සමත් වන විටත් විභාග අවසන් වන විටත් පාසල් නිවාඩු දෙන දවසටත් රැකියාව ලැබීමටත් උසස්වීමටත් මාරුවී යන විටත් මාරු වී පැමිණී විටත් පැන්ෂන් යන විටත් මිතුරු හවුලටත් ඇඟේ මහන්සියටත් සතුටටත් දුකටත් ආදි ලෙස අරක්කු ටිකක් බොන්නත් අපිට ඇබිබැහියක්නම් ඇත.