නොවෙ­නස් ගති ඇති යුරේ­නස් සතු රහස් ! | Page 2 | සිළුමිණ

නොවෙ­නස් ගති ඇති යුරේ­නස් සතු රහස් !

කේන්ද්‍රයේ කොටු දොළහට ග්‍රහයන් නවදෙනකු සොයා ගෙන පලාපල බැලීම අපගේ සම්ප්‍රදායයි. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු සහ කේතු එම නව ග්‍රහයෝ වෙති. පුරාණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් මේ ග්‍රහයන් නව දෙනා‍ සොයාගෙන දැනට අවුරුදු 5000කට වැඩි කාලයක් ගතවී ඇත.

එහෙත් දැනට අවුරුදු දෙතුන් සියයකට පෙර නවීන විද්‍යාඥයින් විසින් සොයාගත් යුරේනස් සහ නැප්චූන් ග්‍රහ දෙපළ ඉතා ආකර්ෂණීය ලෙස පලාපල කීමට යොදා ගත හැකි වන බව පර්යේෂණාත්මකව ජ්‍යොතිෂය භවිතා කරන වර්තමාන ජ්‍යොතිර්වේදීන්ගේ මතය වි ඇත. එහෙයින් යුරේනස් හා නැප්චූන් කේන්ද්‍රවලට ඇතුලත් කරගෙන නව දෘෂ්ඨි කෝණයකින් පලාපල බැලීම වැදගත්ය.

යුරේනස් කේන්ද්‍රයේ පිහිටි ස්ථානය අනුව අදාළ පලාපල විග්‍රහය මෙසේ ඉදිරිපත් කරමු. ලබන සතියේ ලිපියකින් නැප්චූන් පිළිබඳ විග්‍රහ කරමු.

යුරේනස් ග්‍රහයා පිළිබඳ පළමුවෙන්ම කිවයුත්තේ 1781 දී “හර්ෂල් නම් තාරකා විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලද ග්‍රහ වස්තුවක් බවය. විශේෂයෙන් මේ ග්‍රහයාගේ බලපෑම් මධ්‍ය ස්නායු පද්ධතිය, උසස් ඥානය හා විවිධ පර්යේෂණ සඳහා විචාර බුද්ධියක් ලබා දෙන බව පැවසේ. එමෙන්ම හදිසි විනාශවීම් වැනි අහඹු සිදුවීම් මෙන්ම නොසිතූ අහිතකර බලපෑම් ක්ෂණිකව ඇති කරවන බව යුරේනස් ග්‍රහයා අනුව කිව හැකිය.

යුරේනස් ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ ඇති කොටු දොළොසින් ‍එකක පිහිටීම “යු” යනුවෙන් දක්වා ඇත. නමුත් සමහර පැරණි ජ්‍යොතිෂවේදීන් කේන්ද්‍ර සෑදීමේ දී රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයන් පමණක් දක්වා තිබේ. එහෙත් වර්තමානයේ සියලු ග්‍රහයන් කේන්ද්‍රවල දැක්විය යුතුය. ඒ අනුව ඔබගේ කේන්ද්‍රයේ යුරේනස් ග්‍රහයාගේ පිහිටීම අනුව පලාපල ඔබටම ව‍ටහා ගැනීමට පුළුවන.යම් හෙයකින් ඔබගේ කේන්ද්‍රයේ යුරේනස් නැප්චූන් යන ග්‍රහයන් ලකුණුකර නොමැතිනම් එම ග්‍රහයන් දෙදෙනාද ඔබගේ කේන්ද්‍රයට ඇතුළු කර ගැනීමට උනන්දු වන්න.

යුරේනස් 01 වැන්නේ සිටීම - නිදහස් සිතිවිලි ඇති කරයි.

යුරේනස් ග්‍රහයා යම් අයෙකුගේ ලග්න භාවයේ පිහිටීම අනුව අධිවානසික තත්ත්වයක් ඇති පුද්ගලයෙකු බවට පත්වේ.

විශේෂයෙන් විදුලි සංදේශ ‍හෝ පණිවිඩ හුවමාරුව යන අංශවලසහජ දක්ෂතා ඇති ‍අයෙකු වීමෙන් බොහෝ විට එවැනි අංශයක රැකියාවක් ලබයි.හොඳ නිර්මාණ හැකියාවක් ඇති පුද්ගලයන් බිහිවන පිහිටීමකි‍.ලේඛන කලාවේ හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයන් මේ අනුව බිහිවේ.

යුරේනස් 02 වැන්නේ සිටීම - ධනවත් වේ.

යුරේනස් ග්‍රහයා දෙවැන්නේ පිහිටියේ නම් බොහෝ විට දුම්රියේ වැනි ප්‍රවාහන අංශයක රැකියාවක් හිමිය.එක් අරමුණක පිහිටා කටයුතු කිරීම අසීරු නිසා වැඩ අවුල්කර ගන්නා තත්ත්වයක් මෙන්ම දුක් කරදර ඇති කරගන්නා තත්ත්වයකට පත්වේ.නමුත් යුරේනස් දෙවැන්නේ පිහිටි බොහෝ අය ධනවතුන් බවට පත්වීමේ ඉඩකඩ වැඩිය.

යුරේනස් 03 වැන්නේ - ස්නායු ආබාධ

යුරේනස් ග්‍රහයා යම් අයෙකුගේ කේන්ද්‍රයේ තුන්වන කොටුව තුළ පිහි‍ටන්නේ නම් ස්නායු ආබාධ වලට ලක්වීමේ අවදානම වැඩිය.තමාගේ නෑදෑ හිතවතුන් ගෙන් කොන්ව ජීවත් වීමට සිදුවන අතර මේ නිසාම සිතේ දුක් කරදර කලකිරීම ඇතිව දිවි ගෙවීමට සිදුවේ.

යුරේනස් 04 වැන්නේ සිටීම - විදේශ රැකියා

යම් අයකුගේ ජන්ම පත්‍රයෙහි හතර වැන්නේ යුරේනස් ග්‍රහ‍යා පිහිටියේ නම් බොහෝ විට විදේශ රැකියාවක් හිමිවීමේ භාග්‍ය ඇත.එමෙන්ම විදේශයක පදිංචිය එහිදී දියුණුව ලැබීමේ වාසනාව ඇත.නමුත් තමන් උපන් ප්‍රදේශයේ එතරම් දියුණුවක් නොලබන අයකුවේ.බොහෝ වි‍ට තම උරුමයෙන් ලැබෙන හිමිකම් නොලැබී යන තත්ත්වයන් පිලිබිඹු කරයි.

යුරේනස් 05 වැන්නේ - කාමාධික ගති පෙන්වයි.

දැඩි කාමුක ගති ඇති නමුත් ඒවා තෘප්තිමත් කර ගැනීමට ඉතාමත් රහසිගත වූ ක්‍රමෝපායන් භාවිතා කිරීමට උත්සහ දරයි.ස්ත්‍රියක නම් පුරුෂ පක්ෂයටද පුරුෂයකු නම් ස්ත්‍රී පක්ෂයටද දැඩි ලෙන්ගතු කමක් දක්වයි.

යුරේනස් 06 වැන්නේ සිටීම - සුව කළ නොහැකි රෝග

යුරේනස් හය වැන්නේ නම් නිදන්ගතව කල් පවතින සුවකළ නොහැකි බෝනොවන රෝගාබාධ ඇතිවේ.

විශේෂයෙන් ගුප්ත ව රෝග නිධානය සොයා ගැනීමට අසීරුතාවයන් ද තිබේ.භූත දෝෂ වලින් ද නොයෙකුත් ආබාධ වලට ලක්වීම් ඇතිවේ.එමෙන්ම දුර්වල මානසික තත්ත්ව ඇතිවිය හැකි අයෙකු වීමට ද අවකාශ ඇත.

යුරේනස් 07 වැන්නේ සිටීම - හදිසි විවාහවීම්

ජන්ම පත්‍රයක හත් වැන්නේ යුරේනස් ග්‍රහයා පිහිටීම අනුව යහපත් වූ සුන්දර විවාහයක් ඇතිවිය හැකියි.එමෙන්ම ආදරවන්තයන් අතර ද යහපත් ආදර බැඳීම් ඇති වේ.මෙවැනි ජන්මීන් අතර හදිසි විවාහ වීම් සිදුවේ.

යුරේනස් 08 වැන්නේ - විවාහයෙන් දායාද

විවාහයෙන් පසු විශාල දායාදයන් හිමි වනු ඇත. නමුත් දීර්ඝ කාලයක් කිසියම් දුක් විඳින රෝගයක් සෑදීමෙන් දුක්විඳ මරණය සිදුවීමේ ඉඩ කඩ වැඩිය.

යුරේනස් 09 වැන්නේ - ගමන් යාමට ප්‍රියවේ.

නව වැන්නේ යුරේනස් පිහිටීම අනුව බොහෝ විට විනෝද ගමන් යාමට දැඩි රුචියකත්වයක් ඇති අයෙකු වනු ඇත.එමෙන්ම ස්වාධීන‍ ලෙස තම අදහස් පල කරයි.ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ දැනුම සහජයෙන් හිමිවන අතර ආගමික තත්ත්වයන් සඳහා නැඹුරුවක් දක්වන අයෙකි.

යුරේනස් 10 වැන්නේ සිටීම - රැකියා කීපයක් කරයි.

නිතර තම රැකියාව වෙනස් කරන්නට හේතු යෙදේ.විශේෂයෙන් ඉංජිනේරු,‍බ්‍රෝකර්වරු,තොග වෙළඳාම වැනි කටයුතු ආශ්‍රිත රැකියා වලින් දියුණුවට පත්විය හැකිය.

යුරේනස් එකොළොස් වැන්නේ සිටීම - යහපත් මිතුරු ඇසුර

මෙවැනි පිහිටීම් ඇති ජන්මීන්ට නුවණැති මිත්‍රත්වය තදින් දක්වන යහළු යෙහෙළියන් ඇසුරට නිතැතින්ම ලැබෙනු ඇත.නමුත් දැඩි ආත්මාර්ථකාමී අයෙකු ලෙස කටයුතු කරන අයෙකු වේ.විශාල ‍අයෙකු ලෙස කටයුතු වලින් ලාභ ලැබීමේ හැකියාව ඇත.

යුරේනස් 12 වැන්නේ සිටීම - රහස් සම්බන්ධතා ඇති කරයි. ගුප්ත පර්යේෂණ කිරීමට දැඩි රුචිකත්වයක් ඇති අයෙකු වේ.

 

Comments