දරු සම්පත හා වන සම්පත | Page 2 | සිළුමිණ

දරු සම්පත හා වන සම්පත

වනාත්තරය කොටස් තුනක‍ට බෙදා වෙන් කළ හැකිය.

*බෝරියල් හෙවත් ශීත සෞම්‍ය කලාපීය කේතුධර වනාන්තර.

*අන්තර් මාධ්‍ය අක්ෂාංශවල පිහිටි සෞම්‍ය කලාපීය වනාන්තර

*ජෛව විවිධත්වය වැඩි නිවර්තන කලාපයේ වනාන්තර යනුවෙනි.

 

ස්වභාව ධර්මය විසින්ම වනාන්තර නිර්මාණය වී ඇත්තේ මනුෂ්‍යයාගේ ම යහපත සඳහාම ය. නොදියුණු මිනිස් සමාජයක දී වනාන්තර වැඩි වී පැවතුණත් මිනිසාගේ දියුණුවත් සමඟ වනාන්තරවල ප්‍රමාණය ශිඝ්‍රයෙන් අඩු වී තිබේ. අද වනාන්තරවල අයිතිය මිනිස් වර්ගයා ගේ අභියෝගයට ලක්ව තිබේ. සකල විධ සත්ත්ව සමුහයාගේ ම පැවැත්ම හා අවශ්‍යතා සඳහා වු මනස්කාන්ත සදාහරිත නිර්මාණයක් සේ වනාන්තර පුජනීයත්වයට පත්ව තිබේ. ලෝකයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 29 % ක් වු වනාන්තර වලින් මෙම සියලුම සත්ත්වයින්ට ලැබෙන වාසිය හා ශක්තිය අමිලය.

සත්ත්ව සන්තතියට පමණක් නොව ලෝක පරිසරයේ ස්වභාවය හා ගුණාත්මක බව සංරක්ෂණය කර ගැනීමට ද වනාත්තර හේතු වෙයි. ජෛව විවිධත්වයට ද වනාන්තර හේතු වී තිබේ. සත්ත්ව, ශාක හා ශුද්‍ර වර්ග වශයෙන් කෝටි ප්‍ර‍කෝටි ගණනක ව්‍යාප්තිය හා පැවැත්ම සඳහා ද වනාන්තර පුදුමාකාර ලෙසින් සම්බන්ධ වී ඇත. අද වන විට මොවුන්ගේ සංවර්ධනය බිලියන 3 ½ කටත් පෙර සි‍ටම වු බවට පරිසරවේදීන් ගේ මතයයි. නිවර්තන තෙත් වනාන්තර තුළ ජෛව විවිධත්වය සිදු වී ඇති බව මේ අනුව සහතිකය.

වර්තමානය වන විට වනාන්තර නොමැති නම් ජීවියාගේ පැවැත්මකුත් නොමැති තරමට එහි සමීප සම්බන්ධතාව ඉතා තදින් ම ගොඩ නැගී තිබේ. විශේෂයෙන් ම ගොඩනැගිලි තැනීමේ දී දැවවලින් ලැබෙන සහාය අතිමහත් ය.

පුටු, මේස හා වෙනත් දැවමය උපකරණ තනා ගැනීමේ දී වනාන්තරවලින් ලැබෙන දැව මනුෂ්‍යයාට හිතකර වෙයි කඩදාසි නිපද වීමේ දී දැව වලින් නිර්මිත වු දැව පල්ප මානවයාගේ බුද්ධිමය සංවර්ධනයට හේතු වන්නේ පොත පත නිෂ්පාදනයට උපස්ථම්භක වීමෙනි.

තම දූ දරුවන් ආරක්ෂාකර ගන්නා සේ වනාන්තර රැකගැනීම ජනතාවගේ යුතුකමකි.

ස්වභාව ධර්මයා විසින් ජනතාවගේ පැවැත්ම සඳහා දායාද කර දුන් වනාන්තරවල ගස් හොරෙන් කපා අලෙවිය සඳහා යොදවන මනුෂ්‍ය වේශධාරීන් ගෙන් ඒවා ආරක්ෂා කර ගැනීමට ඉතාම තදබල නීතිරීති ක්‍රීයාත්මක කළ යුතු කාලය දැන් උදා වී තිබේ.

අද රක්ෂිත වනාන්තර පවා විනාශ වී යයි අමු කැලෑ ගිනි තබමින් වටිනා ගස් කොළන් පමණක් නොව විශාල සත්ව සමුදායක් දිනපතාම පාහේ විනාශ කිරීමේ තර්ජනය මහ පොළොව පවා නොඋසුලන මහා සාවද්‍ය පාපකර්මයකි.

වනය ආරක්ෂාකර ගැනීම සඳහා අවශ්‍ය සම්බාධක හැම පැත්තෙන් ම පැනවීම අවශ්‍ය ය. එසේ නොවුවහොත් රට වියළි කලාපයක් බවට පත් වී ජාතික සම්පත් ද විනාශ වී යාම වැළැක්විය නොහැකිය. තමාගේ ජීවිතය හා වනය දෙකක් නොව එකක් ලෙසින් සැලකීමට තරම් ජනතාව ආකල්ප වශයෙන් වෙනස් වුවහොත්‍ පෞරාණික ශ්‍රී ලංකාවේ වන සංස්කෘතිය උදාකර ගත හැකිය.

බුදුරජාණන් වහන්සේ‍ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම සිදු වුයේ ද අරණේ ගස් ගොමු අතර ය. “රමණීයානි අරඤ්ඤණී” කැලෑව රමණීය හෙවත් සිත්කලු බවත් “වනරෝපා” යනුවෙන් වනය ආරක්ෂාකර ගෙන කැලෑ වැවිය යුතු බවත් දේශනා කළහ.

“බවුන්” වැඩීමට සුන්දර වනය තරම් සුදුසු තැනක් තවත් නැත. සත්ත්වයා ගේ නිදුක් නීරෝගිතාව රැක ගැනීමට පියකරු වනය තුළින් හමාඑන පිරිසිදු වාතය ඉවහල් වේ.

ඒ නිසාම තණකොළ බිස්සට හා ඒ ආශ්‍රිතව ගලා එන ජල සම්පතට සෙම්, සොටු දැමීමත්, මල මුත්‍ර කිරීමත් නොකළ යුතු මෙන්ම විපාක දෙන පාපකර්මයක් බවත් විනය පිටකයේ සඳහන් ය. හෑම ආගමික කතුවරයකු ම වනය හ‍ා සම්බන්ධ පැවැත්මක් පවතින බව ඓතිහාසික‍ ලේඛනවලින් සනාථ වේ.

ලාංකික ජනතාවට කැලෑවක් අතර ආගමික වශයෙන්ද පවතින සම්බන්ධතාව ප්‍රබල වත්ය. මේ නිසා කිසිවෙකුට වන විනාශයක් සඳහා සිතීම පවා මහා වරදකි. අපේ සම්පත දරු සම්පත මෙන්ම වනසම්පත ද වේ. 

 

Comments