
ගුරු දොළොස් වැන්නේ දී මෙලොව දියුණුවට වඩා ලෝකෝත්තර දියුණුව උදෙසා කටයුතු කරන අයෙක් බවට පත්වේ. සාමාන්‍ය නැති බැරි පුද්ගලයාටඋදව් කිරීමට පෙළඹේ. හිත උණුවන ගතිය අධිකය. මේ හේතුව නිසා සමහර කපටි පුද්ගලයාට උදව් කිරීමට පෙළඹේ.
ජීවිතය යනු අස්ථාවර පැවැත්මකි.බුදු දහමට අනුව මෙලොව සියලු දේ ස්ථාවර නොවේ.සියලු දේ නැසෙන සුළුය.ජීවිතයේ අස්ථාවර පැවැත්මේ ඒ ඒ කොටස් පෙන්වා දෙන කැටපතකි කේන්ද්‍රය. භාව දොළහෙන් එම සියලු කොටස් විග්‍රහ කර පෙන්වා දෙනු ඇත.එයින් දොෙළාස්වෙනි භාවය වැය වීම,විනාශය, අවසානය මෙන්ම දන්දීම වැනි පුණ්‍ය කටයුතු ,සමාජ සත්කාර,අන් අයට පිහිට වීම ආදී කරුණු බොහොමයක් පෙන්වා දෙනු ඇත.
රවි,සඳු,කුජ,බුධ,ගුරු,සිකුරු,ශනි,රාහු,කේතු මේ ග්‍රහයින්ගේ ගති ගුණ නියමාකාරයෙන් පෙන්වා දෙන ස්ථානයකි දොළොස්වැන්න. කේන්ද්‍රයේ යම් භාවයක් හිමි ඉහත ග්‍රහයෙක් දොළොස් වැන්නේ දී උපතින් යෙදුන හොත් එම භාවය සම්බන්ධ කටයුතු දුර්වලත්වයට පත්වන ආකාරය පෙන්නුම් කෙරේ.විශේෂයෙන් එම ග්‍රහයෙක් ලග්නාධිපති වශයෙන් දොලොස් වැන්නේ උපතින් යෙදීම ජීවිතයේ නොයෙකුත් දුෂ්කරතාවන්ට හේතුවන බව පෙන්වයි.කේන්ද්‍රයේ එකොළොස් වැන්න,දොලොස් වැන්න,දෙවැන්න,සිව් වැන්න හා දස වැන්න මේ ආදී භාව අධිපතීන් වශයෙන් ඉහත ග්‍රහයෙක් දොලොස් වැන්නේ උපතින් යෙදුණේද ඔහුගේ ජීවිතයේ ආර්ථිකය මෙන්ම රැකියා කටයුතු දේපළ ඉඩ කඩම් ආදී කරුණු ඉතා දුෂ්කර සහිත බවට පත්වේ.
දොෙළාස් වැන්න අධිපතියා සෞම්‍ය ග්‍රහයෙක් වී සිව්වැන්නේ උච්ච බලයෙන් යෙදුණහොත් පදිංචි ස්ථාන දියුණුව යාන වාහන ඉඩ කඩම් ලැබීම් ආදිය සුබදායකව සිදුවන අවස්ථා ඇත.විශේෂයෙන් සිකුරු මෙවැනි අවස්ථාවකට පත් වුවහොත් ඒ තත්ත්වය ඇතිවේ. නමුත් එම දියුණුව සැමදා ස්ථාවරත්වයෙන් නොපවතී.හිටි අඩියේ ධන හානි ඇතිවීමෙන් දියුණුවට බාධා ගෙන දෙනු ඇත.
රවි ග්‍රහයා දොළොස්වැන්න අධිපති වී දොෙළාස්වැන්නෙන්ම හෝ කේන්ද්‍රයේ වෙනත් භාවයක යෙදුණහොත් ඇතිවන තත්ත්වය සොයා බලමු.රවි ලග්නාධිපති වශයෙන් සිංහ ලග්නය වී දොලොස්වැන්නේ උපතින් යෙදුණහොත් තමන්ගේ බලය තත්ත්වය රැක ගැනීමට ප්‍රසිද්ධවීමට ධනය දේපළ වියදම් කරනු ඇත.ඒ අනුව ඔහුට හෝ ඇයට දියුණුව ලඟා කර ගැනීමට අපහසු වේ.තමන්ගේ තත්ත්වය රැක ගැනීමට ධනය විනාශකර ගෙන අවසානයේදී අත පය හතර පමණක් ඉතිරි වේ.එවිට ඇසුරු කළ යාලුවොත් නැත.තමන් තනිවේ. ගුරු වැනි යෝගකාරක ග්‍රහයෙක් පස් වැන්නේ සිට පිහිට වුව හොත් ඉහත මෝඩකම් නොකරනු ඇත. රවි දොලොස් වැන්න අධිපති වන්නේ කන්‍යා ලග්නයටයි.රවිගේ ස්වක්ෂේත්‍ර භාවය නිසා දොලොස් වැන්නේ දී බලවත් වීම හේතු කොට ගෙන නොයෙක් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවීම නවතාලිය නොහැක.
සඳු ග්‍රහයා දොළොස් වැන්නට ඉතා අසුබ දායක වේ.තමන්ට ජීවිතය හැඩගසා ගැනීමට නොහැකි වන නමුත් අනුන්ගේ සෑම වැඩකටම තමන් අත්‍යාවශ්‍ය අයකු බවට වේ.තමන්ට පාඩුව මිස ලාභයක් නම් නැත.මිථුන,සිංහ ආදී ලග්න වලට පුර සඳ තරමක් සුබ ගෙන එනු ඇත.වියදම් කිරීමට ලෝභී බවක් ද ඇතිවේ.ඒ හැරෙන්නට අව පක්ෂයේ සඳු අනෙකුත් ලග්න හිමියන්ගේ දොලොස් වැන්නේ දී ජීවිතය අඩපණ කරවමින් නිතර ණය බරින් පුරවා මානසික පීඩනයට ලක් කරවනවා ඇත.දොලොස් වැන්නේ සිට අට වැන්නේ සෙනසුරු උපතින් යෙදී නම් ජීවිතය ඉතාම අඳුරු තත්ත්වයට යොමු වන නමුත් ලෝකෝත්තර සිතිවිලි වලට යොමුවීමක් සිදුවේ.
කුජ දොලොස් වැන්නේ සිටීමෙන් වැඩිමහල් සහෝදරයෙකුගේ අසනීපයකට මුදල් වියදම් කිරීමත් මිතුරන්ට වැඩි වශයෙන් මුදල් දීමෙන් අවසානයේ පාඩු විඳීමටත් සිදු වේ. මේ හේතු නිසා තමන්ගේ දියුණුවට බාධා වෙයි.තද බල විරුද්ධ අය මෙල්ල කර ගැනීමේ ආත්ම ශක්තියක් ඇත. ඒඅනුව සතුරන් මිතුරු බවට පත්වේ.නමුත් පරිස්සමෙන් කටයුතු කිරීමට හිතට ගනී.වෘෂභ හා ධනු ලග්න හිමියන්ගේ කුජ දොළොස් වැන්නේ නම් විවාහ ගැටලුවක් ඇතිවීමෙන් ජීවිතයේ ඉදිරි ගමන අඩාල වේ.බුධ දොළොස් වැන්නේ නම් තම දැනුම වර්ධනය කර ගැනීමට අධික ලෙස ධනය වියදම් කරයි.ඒ සඳහා යම් යම් අය හා මිතුරු වී කටයුතු කරනවා විනා ජීවිතයේ ඉදිරි දියුණුව පිළිබඳ නොසිතයි.පොත් පත් ලිපි ලේඛන ආදියට අධිකව ධනය වියදම් කරනු ඇත.අවසානයේ පොත් පත් හා දැනුම පමණක් ඉතිරි වේ.තමන් එතැනමය.ජීවිතය අඩපණ වේ.ඔහුට ඒවා ගණනක් නැත.
ගුරු දොළොස් වැන්නේ දී මෙලොව දියුණුවට වඩා ලෝකෝත්තර දියුණුව උදෙසා කටයුතු කරන අයෙක් බවට පත්වේ.සාමාන්‍ය නැති බැරි පුද්ගලයාට උදව් කිරීමට පෙළඹේ.හිත උණුවන ගතිය අධිකය.මේ හේතුව නිසා සමහර කපටි පුද්ගලයාට උදව් කිරීමට පෙළඹේ.හිත උණු වන ගතිය අධික වේ.මේ හේතුව නිසා සමහර කපටි පුද්ගලයන් ගෙන් පාඩු සිදුවේ.මකර,මේෂ ලග්න හිමියන් ඉහත කී තත්ත්වයට වැඩි වශයෙන් අසුවේ.
සිකුරු දොලොස් වැන්නේ උපතින්ම යෙදීම නිසා ලෞකික ආසාවන් ඉතා අධික වශයෙන් ඉටුකර ගැනීමට ධනය විනාශ කර ගනී.මේ නිසා ජීවියද අඳුරු කර ගනී.අධික සැප පහසුව උදෙසා ද තම ධනය වියදම් කරනු ඇත.
සෙනසුරු දොළොස් වැන්නේ දී ලග්න ඒරාෂ්ඨකය ආරම්භය වෙයි.ලෞකික ජීවිතය අපායක් කරන සෙනසුරු මෙහිදී ඒ සඳහා පියයවර ගනු ඇත.මානසික පීඩනය ,ධන හානි,නඩු හබ,සතුරු කරදර විවාහ ගැටලු කලකිරීම් මේ සියලු කරදර සෙනසුරු දොළොස් වැන්නේ දී ගෙන එනු ඇත.මේ සියලු අසහනකාරී තත්ත්වයන් ගෙන් මිදීමටත් එලොව සැනසීම ලැබීමටත් ලෝකෝත්තර සිතිවිලි ගෙන ඒමටත් මෙහිදී සෙනසුරු ක්‍රියා කරයි. මේ අනුව දොලොස් වැන්නේ දී සෙනසුරු ලෞකික වශයෙන් ජීවිතය අඩාල කරයි.
රාහු දොළොස්වැන්නට ඉතා අසුබදායී තත්ත්වයක් ගෙන එන ග්‍රහයෙකි.ජීවිතය ඉතාම පහත්අඩියටම ළඟාකරවයි.ඉගෙනීම කඩා කප්පල් කර දමයි. ධන හානි කිරීමත් නිවසේ විසීම අප්‍රිය කර රස්තියාදුවේ ඇවිද්දවීමත්නඩු හබවල පැටලවීමත් මේ ග්‍රහයාගේ ගතියයි.
මිථුන ,තුලා,මීන ලග්නවල දී 12 වැන්නේ බලවත් වන රාහු හේතුවෙන් විදේශ ගතවීම්,ලාබ ආදීය ලබා දීම ආදිය හේතුවෙන් ජීවිතය තරමක් සුබදායක තත්ත්වයට පත්කරනු ඇත.
කේතු දොළොස් වැන්නේ වුවොත් හොඳ නරක එකසේ අත්විඳී.ජීවිතයේ මුල් කාලය ළමා විය ශරීරය දුර්වල කරන අතර ශක්තියෙන් අඩුවේ.නිතර රෝග තත්ත්වයන් ඇතිවේ.පාදවල කුෂ්ඨ රෝග ඇතිවේ.මුල්ලකට වී නිදා ගැනීමට ප්‍රිය කරනු ඇත.වයස අවුරුදු දහසය පසු වන විට දැනුම පොත පත ඇසුර තීක්ෂණ ඥානය,ඉගෙනීම දියුණු වේ.
අවසාන වශයෙන් කිව යුත්තේ කේන්ද්‍රයේ 12 වැන්නේ ලග්නාධිපති සමඟ ශනි ,ගුරු,බුධ,සඳු ,රවි හා කුජ එකට සංයෝග වී යෙදීම හෝ ග්‍රහයන් පස් දෙනකුට වැඩි ගණනක් සංයෝගවී ලග්නයේ හෝ යෙදුණොත් ධනයෙන් හීනවී තියුණු නුවණක් ඇති වී ශ්‍රමණ යෝග සිත් ඇතිවන බවයි.