කසාදයට දික්කසාදයට නිකරුණේ බැනුම් ඇසුවත්...අනේ ළඳුෙන් කුජ දෝෂයට අත්දුටු පිළියම් තිබේ.
භෞතික ප්‍රතිලාභ මත බාහිර පෙනුම මත හෝ කාමරාග මත විවාහයක් සුදුසුය තිරණය කළ නොහැකිය විවාහයක් සුබව ගතකිරීමට තමන් උපන් වෙලාව අනුව සාදාගත් ජන්ම පත්‍රයක්, නිවැරැදිව ජ්‍යොතිෂ විද්‍යාව උගත් පළපුරුදු අයකුගේ උපදෙස් අවශ්‍යමය. කේන්දරයේ 07.07 සහ 11 වන රාශි වල පිහිටීම අනුව රාශි, රාශි අධිපතියන් එහි සිටින ග්‍රහයින් ඔවුන්ගේ නැකත් නැකත් පාද එම රාශිවලට බැල්ම හෙළන ග්‍රහයින්ව බොහෝ පරීක්ෂා කළ යුතුය.
ඥතීන් කරන හොඳ නරක දෙවැන්න පෙන්වයි. හරත වැන්න පවුල සහ සතුට පාලනය කරයි. හත්වැන්න සහකරු හෝ සහකාරිය පාලනය කරයි. එකොළොස් වැන්න ලිංගික සැපය විස්තර කරයි. මේ රාශි අධිපතීන් බෙලහීනවු විට අවාසනාවන්ත කාලයක් උදාවේ. හත්වැන්න හිමි ග්‍රහයා වක්‍රවු විටද වාසනාව පසු දොරින් පැන යයි. බලයෙන් සිටින සිකුරු පුරුෂයින්ටද, බල සහිත කුජ ස්ත්‍රීන්ටද විවාහ ජීවිතය ඉතාම ප්‍රසන්න බව පෙන්නුම් කරයි. හතරවන රාශි අධිපති දුර්වලවු විට පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ අසමගිය ආරවුල් මතුවේ.
එකොලොස්වැන්න පීඩනයට ලක් වු විට අවාසනාව මතුවී පීඩන ග්‍රහයින්ට අයිති රාශිවල බලය ඉදිරිපත්ව අසමගිය උදාවී දෙදෙනා උසාවිවලට ගොස් නීතියේ සහාය ලබා වෙන්වෙනු ඇත.
රවි-සඳු වැනි ආලෝක ග්‍රහයින් සිටින රාශි බලය හත්වැන්න අධිපති සමග 2 ශුභ නම් හය හා අටවන රාශි ග්‍රහ බලයද නැතිනම් උසස් ප්‍රතිඵල ලැබෙනු ඇත.
ස්වාමිපුරුෂයාගේ හත්වැන්න අධිපති යහපත් ශුභ සිකුරු සමඟ සංයෝගවු විට භාර්යාව අත්හැර අන්‍ය භාර්යාවන් සොයා නොයයි. භාර්යාවගේ හත පති හා සිකුරු හොඳින් සංයෝගවු විට වෙන්ත පුරුෂයන් කරා නොයයි. පුරසඳු හතපති සමග සිකුරුගේ බැල්ම ලත් අය විවාහය ඉතාම ප්‍රීතියෙන් ගත කරනු අද සමාජයේ දැක ගත හැකිය.
ග්‍රහයන් පිහිටීම අනුව ජීවිතයේ සිදුවීම් සිදුවන බව අපේ ඉතිහාසයෙන් බොහෝ කරුණු පෙන්විය හැක.
රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ හිටපු ජනප්‍රිය ඇමැතිවරයෙකි ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා. එතුමා මියගියේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකවට එමින් සිටියදි ගුවනේදීය. මෑතදී ද ශ්‍රී ලංකාව තුළ දී යානයක් අනතුරකට පත්වී කිහිපදෙනකු මළබව පුවත්පත්වල අපි දකිමු. ජාතක රත්නයේ මෙසේ සඳහන් වේ.
“බානු අඟහරු සතේ සැනි අටහීන සඳු
සිව්වැන්නටා
යානෙකින් උඩ අහසේ යන කල වැටේ
රුදුරුදු මරු මුඛයටා”
ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව මිථ්‍යාවක් නොව සෑබෑ ක්‍රියාකාරි ශාස්ත්‍රයකි. මෙය උගත් පළපුරුදු අය අඩුය. ජ්‍යෝතිෂ්‍ය ලෙවකා කේන්දර බලා මහජනයා මුළාකරන අය සෑම නගරයකම ලොකු බෝඩ්දාගෙන පලාපල කියනු අපට පෙනේ.
පොරොන්දම් බලන්න කේන්දර රැගෙන ගියවිට ගාස්තු අයකර, මෙය ගැළපෙන්නේ නැත, හොඳ කේන්දරයක් සොයාගෙන එන්නය කියා යවන තැන් අපේ රටේ බොහෝ ස්ථානවල තිබේ. එවැනි තැන්වලට ගොස් හිතේ අමාරුවෙන් මා සොයා පැමිණිවිට දෝෂ භංග වන හැටි නොමිෙල් කියා දීම මගේ පුරුද්දයි.
කුජ දෝෂය හෙවත් භෞම දෝෂය භංග කළ හැකිය.
1. කේන්දර දෙකේම කුජ දෝෂය ඇතොත් දෝෂය භංග වේ.
2. ගුරු දෘෂ්ටිය කුජට හෝ 07වන රාශියට වැටේනම් භංග වේ.
3. කුජ සමග ගුරු ඇතිනම් භංග වේ.
4. ජන්ම පත් දෙකේම එකම කොටුවේ කුජ සිටීමෙන් භංග වේ.
5. එක කේන්දරයක කුජ සිටින රාශියේ අනිත් එකේ රාහු සිටීමෙන් භංග වේ.
6. මේෂ රාශියේ හො වෘශ්චික රාශියේ කුජ සිටිනවිට භංග වේ.
කුජ නිසා ඇතිවන කුජ ශනි මංගල දෝෂය හා චන්ද්‍ර මංගල දෝෂවලින්ද බේරෙන ක්‍රම ඇත.
කුජ සමග ශනි සිටීම ශනි මංගල දෝෂය වේ. කේන්දර දෙකේම මේ දෙදෙනා සංයෝගව ඇත්නම් දෝශය භංග වේ. කුජ-ශනි-චන්ද්‍ර එකට සිටීම මේ යෝග දෙකම එකට පිහිටීමයි. මෙලෙස කේන්දර දෙකේම ඇතිවිට දෝෂය භංග වේ.
විෂ කන්‍යා දෝෂයද විවාහය අවුල් කරයි.
ඉරිදා දිනක කැති අස්ලිය හෝ සියාවස නැකතකින් දොළොස්වන තිථිය ඇතිවිට ඉපදීම මෙම දෝෂය ඇතිවේ.
අඟහරුවාදා දිනක දෙවැනි තිථිය උදාවී ඇතිවිට සියාවස නැකතින් ඉපදීමද, හත්වැනි තිථිය ඇති අඟහරුවාදා විසා හො සියාවස නැකතින් උපත ලැබීමද මේ දෝෂය ඇතිවේ.
සෙනසුරාදා දිනක අස්ලිස-හා 02වන තිථියද, 07වන තිථිය ඇති සෙනසුරාදා දින කැති නැකතින් ඉපදීමද විෂ කන්‍යා දෝෂ වේ. මෙවැනි නව ක්‍රම රාශියක් ඇත
වෘෂභ-කටක-කන්‍යා-වෘශ්චික-මකර-මීන රාශියකින් ඉපදී ඇති සඳු-බුධ-ගුරු-සිකුරු බලවත් අයගේ මේ දෝෂය භංග වේ.
ග්‍රහ දෝෂ භංගවන ක්‍රම රාශියක් ජ්‍යොතිෂ විද්‍යාවේ ඉගැනුවේ. මේවා නොදන්න නුගත් අය අහිංසකයින් මුළා කිරිම ඒවා නැති කිරීමට යන්ත්‍ර බැඳීම මෙම ජීවිතයේදීම විපාක දෙන කර්මයකි. නොදන්නා දේ නොපවසා සිටීම උසස් ධර්මයකි. එවිට කිසිවකුට හිරිහැරයක් කරදරයක් සිදු නොවේ.