එයා තමයි එලි­ස­බෙත් ටේලර් ! | Page 2 | සිළුමිණ

එයා තමයි එලි­ස­බෙත් ටේලර් !

එලිසෙබෙත් ටේලර් බටහිර සිනමාවේ පමණක් නොව සමස්ත ලෝකයම තම සරාගී සිරුරෙන් මුසපත් කළ ප්‍රතාපවත් කාන්තාවකි.ඇය සැමියන් අටදෙනෙකු සමඟ ජීවත් වූ අතර එක් පෙම්වතකුගේ වයස ඇගේ වයසින් තුනෙන් එකක් වූ අවස්ථාවක්ද විය.එක් සැමියෙකුගෙන් පමණක් සෑහීමකට පත් නොවුණ ද ඇය තම වෘත්තිය ජීවිතයේ හිනිපෙත්තටම ගමන් කරන්නට සමත් වූවාය.

ඇය බටහිර සිනමාවේ අධිරාජිණිය ලෙස සියලු දෙයම තමාගේ සිතැඟි පරිදි මෙහෙයවූවාය.මෙවැනි අති බලවත් බවලතුන් ලොව ඉතාම දුර්ලභය.ඇතැම් විචාරකයන් පෙන්වා‍ දෙන පරිදි ක්ලියෝපැට්රා රැජිණටත් වඩා ‍මැගේ නිළි බලය ලෝ පුරා පැතිර ගියේය.මෙවැනි කතුන් ලොව පහළ වන්නේ කෙසේ ද?මේ සියලු රහස් හෙළිකරන්නේ ඇගේ උත්පත්ති කේන්දරය සහ එහි ක්‍රියාකාරී වූ ග්‍රහයෝය.

ජ්‍යොතිෂයේ ඉතා සියුම් සහ සංකීර්ණ බව හඳුනා ගැනීමට එලිසෙබත් ටේලර් ගේ කේන්දරය කදිම නිදසුනකි.

ළු නිළියෝ බොහෝය. ඒ අතරින් විවිධ හැකියා දක්ෂතා මෙන්ම පෞද්ගලික තොරතුරු හේතුවෙන් ද ප්‍රසිද්ධියට පත්වූවෝ වෙති. යුග ගණනක් පසු කළද අදත් මතකයේ රැඳී සිටින එළිසබෙත් ටේලර් එවැනි කුසලතාවයෙන් අනූන නිළි රැජිණකි. වර්ෂ 1950-60 දශකයේ අභිශේක ලද අද රූමත් බවෙන් අගතැන්පත්තිය එකසේ වුවද ඇගේ සරාගී බව ද ලෝකයටම ප්‍රසිද්ධ රහසකි. වරින් වර විවාහ අටක් කරගනිමින් යුගදිවි මිහිර විඳි එළිසබෙත් ටේලර් ඉමහත් ආන්දෝලනයට ලක්වූවාය.

1932 පෙබරවාරි මස මෙලොව එළිය දුටු ඇයගේ උපන් ලග්නය වෘශ්චිකය යි. ශතවර්ෂයක් තරම් දුරට දිවයන හොළිවුඩ් සිනමා කතන්දරයේ එක් චරිතයක් වන මැයගේ චරිතය එසේ වූයේ ඇයි දැයි ඔබට යම් විටෙක සිතෙන්නට ඇත. ඇයට උපතේ සිට ගුරු මහ දසාව වර්ෂ දොළහයි මාස අටක් විය.

සඳු තුලා රාශියේ වීමෙන් සහ නැප්චූන් සිංහයේ වීමත් ශුක්‍ර රාහු සමඟ මීනයේ වීමත් සිනමාව දායාද කොටගෙනම උපන් තැනැත්තියක් බව පැහැදිලිව පෙනේ.

සිනමාවට අදාළ ප්‍රධානම රාශි තුන වන්නේ මීන, සිංහ හා තුලාවයි. ප්‍රබලතම සිනමා ග්‍රහයා වන නැපුචූන් සිංහයේ සිටින විට අනෙක් ග්‍රහයා වන ශුක්‍ර රාහු සමඟ මීනයේ සිටී. ශුක්‍ර මීනයේ සිට ලග්න ස්ථුටයට ත්‍රිකෝණ වන අතර නැප්චූන් සිංහයේ සිට පහ අධිපති කුංට සහ ලග්නයට පිළිවෙළින් සප්තම හා චතුරශ්‍ර වී සිටියි.

මෙහිදී ඉතා අවධාරණයෙන් මතක් කළ යුතු කාරණාවක් වන්නේ යුරෝපාකරයේ උපන් අයෙකුගේ ජන්ම පත්‍රවල භාව ස්ථුටයන් විසිරයාමේ මහත් විෂමතා ඇති බවය. ඇගේ කේන්දර සටහනින් එය පෙන්වා දී ඇත.

අසුබ යැයි සම්මත සප්තම හා චත්‍රරශ්‍ර දෘෂ්ටිවලින් ඉතාමත් කරදර බාධක මධ්‍යයේ අධික වීර්යයෙන් ගමන් කර මහත් ප්‍රසිද්ධියක් ලබන බව ද සටහන්ව ඇත.

මෙහි සමස්තය ගත්විට තුනේ සිටින ග්‍රහයන්ගේ නැකැත්වල හා උපස්ථානවල බොහෝ ග්‍රහයින් සිටී. නවයේ සිටින කේතු‍ගේ උපස්ථානයේ ද එසේ පිහිටා ඇත.

තුන වික්‍රමස්ථානය වීමෙන් අද්විතීය රංගන කුසලතාවක් දක්වයි. ග්‍රහයන් කීපදෙනෙක් නවය දහය ස්ථානවල වී කේතුගේ උපස්ථානයක සිටීමෙන් අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට පත් වන බව හඳුනාගත හැක.

සිනමාවට, ක්‍රීඩාවට ඇති දක්ෂතාවය ඇගේ ජන්ම පත්‍රයෙන් මනාව පෙන්නුම් කරයි. මේ අනුව වෘත්තිමය, දක්ෂතාවයෙන් පිරි සිනමා කලාකාරිනියක බිහිකළ බව පෙනී යයි. පෙරපින , භාග්‍යය මෙන්ම ලොව පුරා කීර්තිය, ජනප්‍රියත්වය පැතිර යාම හත හා නවයෙන් මනාව පෙන්නුම් කර තිබේ.

ඇයගේ රංගන කුසලතාවයේ විවිධත්වය විවිධ මාදිලියේ චරිත ඉතා දක්ෂ ලෙස නිරූපණය කිරීම අපි දැක ඇත්තෙමු. මේ හැකියාව ජන්ම පත්‍රයේ මනාව සටහන්ව ඇත. නවය අධිපති රවිගේ නැකතේ ග්‍රහයන් කිහිපදෙනෙකු සිටීමෙන් ජගත් කීර්තිය අත්වන බව හඳුනා ගත හැක.

දැඩි අභියෝග මත සිය සිතැඟි අභිප්‍රායයත් මනාව ඉටුකර ගන්නා ඇය සිය හැකියාවන් මනාව ඔප මට්ටම් කර ගනිමින් සිනමා ලෝකය තරණය කරන අයුරු ජන්ම කේන්ද්‍රයේ මනාව සටහන් වෙයි.

ඇගේ ජන්ම කේන්දරයේ පිහිටීම සමාන පිහිටීම් මෙරට සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතාගේ මෙන්ම ලොව ජනප්‍රියත්වයට පත් තවත් සිනමා තාරකාවන්ගේ ජන්ම කේන්ද්‍රවල සටහන්ව ඇති බව ඒවා අධ්‍යනයෙන් පෙනී යයි. 

 

Comments