ලබන අගෝස්තු 18 දා අළුයම හතරයි හතළිස් අටට රාහු ග්‍රහයා කටක රැසට ද කේතු ග්‍රහයා මකර රැසට ද පිවිසෙයි. ටොලමියානු ජ්‍යොතිෂය අනුව රාහු සහ කේතු යනු එකම අක්ෂයක අග්‍ර දෙකකි. රාහු ගෙන් වායු බලය ද කේතු ගෙන් ගිනි බලය ද නියෝජනය කරයි. මේ ද්විත්ව ග්‍රහ මාරුව සමස්ත ලෝකයටත් මානව සංහතියටත් දැනෙන සුලු බලපෑමක් ඇති කරයි. රටක් ලෙස ගතහොත් මෙය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක පරිවර්තනීය අවස්ථාවකි.
ග්‍රහ මාරුවක් විසින් එක් එක් ජන්මියා කෙරෙහි සුබ හෝ අසුබ ප්‍රතිඵල ගෙන දෙනු ලබන්නේ ඒ ජන්මියාගේ ජන්ම කේන්දරයේ ග්‍රහ පිහිටීම අනුවයි. එහෙත් ටොලමියානු ජ්‍යොතිෂය අනුව පුද්ගලයන් උපන් ලග්නය හෙවත් මූල ශක්ති ප්රභවයට කිසියම් ග්‍රහයකු විසින් ඇති කරනු ලබන බලපෑම විමසීමේ පොදු ක්‍රමවේදයක් තිබේ. එකී සිද්ධාන්තය අනුව මේ රාහු කේතු මාරුව එක් එක් ලග්නයන්ට ඇති කරනු ලබන බලපෑම විමසා බලමු.
1. මේෂ ලග්නයෙන් 4 වැන්නට රාහු ද 10 වැන්නට කේතු ද පැමිණෙයි. 4 වැන්න යනු හිතන තැන වන අතර 10 වැන්න කරන තැන වෙයි. මේෂ ලග්න හිමියාගේ කේන්දරයේ මනස සහ ක්‍රියාව හරහා රාහු කේතු අක්ෂය විහිදෙයි. එහි විපාකයක් ලෙස ඔහුගේ චිත්තවේගී කැළඹීම් ඍණාත්මක ලෙස උත්තේජනය වන අතර කරන කටයුතු අවුල් සහගත වෙයි. මේ නිසා මේෂ ලග්න හිමියන් තම සිතිවිලි පාලනය කැර ගැනීමට විශේෂයෙන් උත්සුක විය යුතු අතර රැකියාව ව්‍යාපරය ආදිය සම්බන්ධයෙන් ඉවසිලිමත්වීම අත්‍යවශ්‍ය වෙයි.
2. වෘෂභ ලග්නයෙන් 3 වැන්නට රාහු ද 9 වැන්නට කේතු ද පිවිසීම ඉතා යහපත් ශක්ති උත්තේජනයකි. එහෙත් කිසිවක් නිකංම නොලැබෙන බැව් සිතට ගත යුතුය. කලබලය සහ කඩිනම යන දෙක පටලවා නොගතහොත් ඉදිරි කාලය යහපත් වෙයි. බාධක මැද මෙතෙක් අතපසු වූ බොහෝ කටයුතු සාර්ථකත්වයට පත්කැර ගැනීමට අවස්ථාව උදාවෙයි.
3. මිථුන ලග්නයෙන් 2 වැන්නට රාහු ද 8 වැන්නට කේතු ද පිවිසීම එතරම් යහපත් නොවන මුත් එකී පීඩාවන් ඉතා පහසුවෙන් අවම කැරගත හැකිය. අලුත් අලුත් දේ සොයා යෑම වෙනුවට තිබෙන දේ රැක ගැනීම වැදගත් ය. රැකියාව හෝ ව්‍යාපාරයෙන් මෙතෙක් ලැබුණු ප්රතිලාභ හීන වෙයි. තැන්පත් ධනය ක්ෂය වීමට කරුණු යෙදෙයි. ගුප්ත රෝග හටගැනීමට වැඩි ඉඩක් නිර්මාණය වන හෙයින් ආහාර පාන පිළිබඳව දැඩි විනයක් පවත්වා ගත යුතු අතර අභිසම්භිධාන පිරිත දිනපතා සජ්ජායනා කිරීම මැනවි. 2 සහ 8 යා කරමින් නිර්මාණය වන රාහු කේතු අක්ෂය පීඩාදායක වන මුත් එකී අක්ෂයේ ද්විත්ව අග්‍ර පිළිවෙළින් වායු සහ ගිනි යන ප්‍රතිපෝෂක බලයෙන් යුතුවන හෙයින් අවාසිය පවා වාසියක් බවට පෙරළා ගැනීමේ හැකියාව තිබේ.
4. කටක ලග්නය මතට සහ එයින් 7 වැන්නට වැටෙන රාහු කේතු අක්ෂය හිතකර පිහිටීමක් නොවේ. අති ධාවනකාරී අදූරදර්ශී තීරණ ගැනීමට ඉක්මන් වීමත් එහි විපාකයක් වශයෙන් විවාහය ඇතුළු හවුල් ව්‍යාපාර සමාජ සබඳතා යනාදිය පලුදු වීමටත් උත්තේජනය සපයයි. සැලසුම් සහ හවුල් අවුල් වෙයි. ක්ෂණික කෝපය නොරිස්සුම ආතතිය ඉහළ නැංවෙන අතර යුග දිවියේ නීරස බව සහ හවුල් කරුවන් වෙතින් අවාසි ලබයි. අලුත් අලුත් දේ සෙවීමට වඩා තිබෙන දෙය රැක ගැනීම වැදගත් ය. අභූත චෝදනා හමුවේ නිහඬ වන්න. සුළි සුළං ප්රවාහයකට මැදි වූවෙකු එය පහව යනතුරු හිස පහත් කැරගෙන සිටින්නාක් මෙන් වූ උපායක් අනුගමනය කරන්න.
5. සිංහ ලග්නයෙන් 12 වැන්න සහ 06 වැන්න අතර රාහු කේතු අක්ෂය විහිදෙයි. මෙතෙක් පැවති බලවත් පීඩාවකින් නිදහස්වන මුත් මෙතැන් සිට උදාවන්නේ යම් යම් දේ අහිමිවීමේ කාල පරිච්ඡේදයකි. මිතුරන් මෙන්ම සතුරන් ද ඉවත්වෙයි. ධනය වස්තුව මෙන්ම අමතර ආදායම් මාර්ග ද හීනවෙයි. උදරය ආශ්රිත ගුප්ත රෝග හට ගනී. බලවත් අදෘශ්‍යමාන සතුරුකම්වලට මැදිවෙයි. තත්ත්වය මෙසේ වූවත් අක්ෂයේ ද්විත්ව අග්‍රයන් සිංහයට ප්‍රතිපෝෂක වන හෙයින් උපායශීලී වුවහොත් අවාසිය පවා වාසියට හරවා ගත හැකිය. ඒ අනුව ඉවත් කළ යුතු කරදර බැඳීම් ආදියෙන් පහසුවෙන් ගැලවීමට ඉඩ සලසා ගත හැකිය. ජීවිතයේ පැරණි ලටපට ඉවත දමා අලුත් පරිවර්තනයකට යොමු වීමට කදිම අවස්ථාවකි.
6. කන්‍යා ලග්නයෙන් 11 වැන්න සහ 05 වැන්න අතර විහිදෙන රාහු කේතු අක්ෂය ඉතා යහපත් පිහිටීමකි. බාධක මැද විශාල සහ ක්ෂණික වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙයි. අහිමි වූ හෝ උරුම නොවූ බොහෝ දේ උපයා සපයා ගනී. රැකියාව සහ ආදායම් මාර්ග යන දෙකෙහිම කැපී පෙනෙන වෙනසක් හටගනී. හදිසි අනතුරුවලට ද ඉඩ තිබේ. ලෞකික සැප සම්පත් තනතුරු බලය යනාදිය නිතැතින්ම හිමිවන මුත් එය රැවටීමක් බව වටහාගත යුතුය. කේන්දරයේ 5-8-11 දෘඪ -ගිනි -ජල යන මර්මස්ථාන තුනේ අධි ක්‍රියාකාරී කේතු යුරේනස් රාහු යන ග්‍රහයන් තිදෙනා විසින් අනපේක්ෂිත වාසි මෙන්ම අනපේක්ෂිත අනතුරු ඇතිකරන බවත් සිහි තබා ගැනීම මැනවි.
7. තුලා ලග්නයෙන් 10 වැන්න සහ 04 වැන්න අතර විහිදෙන රාහු කේතු අක්ෂය මිශ්රපලදායක වෙයි. ව්‍යාපාර සහ රැකියා කර්මාන්ත යනාදියේ වේගවත් දියුණුවක් හටගනී. එහෙත් අතිධාවනකාරී ක්‍රියාකාරීත්වය හානිදායක වෙයි. ගෘහස්ත පරිසරයේ රැඳීම හීනවෙයි. එහෙත් ඉවසිලිමත්ව තීරණ ගැනීමට සහ මධ්‍යස්ථ වේගයෙන් ක්‍රියාකිරීමට උත්සුක වුවහොත් සෑම අංශයකින් ම විපුල පල ලැබිය හැක.
8. වෘශ්චික ලග්නයෙන් 09 වැන්න සහ 03 වැන්න අතර රාහු කේතු අක්ෂය විහිදෙයි. රැකියාව ව්‍යාපාර කර්මාන්ත ආශ්රිත පසුබෑම් තීව්ර කරවයි. මානසික පරිසරය දූෂිත තත්ත්වයට පත්වන අතර වාසනාව හීනවෙයි. බාධක සහ කළකිරීම් බහුල සමයකි. 06 වැන්නේ යුරේනස් සහ 09 වැන්නේ රාහු අතර හටගන්නා දෘෂ්ටිය වඩාත් අවදානම් සහගතය. ඉවසිලිමත්වීම මැනවි.
9. ධනු ලග්නයෙන් 08 වැන්න සහ 02 වැන්න අතර විහිදෙන රාහු කේතු අක්ෂය ඍජුවම රැකියාව සහ ව්‍යාපාර ආදියේ ක්ෂණික වෙනස්වීම් නිවේදනය කරයි. හිඟ වැටුප් දීමනා හිමිවෙයි. ක්‍රියාශූරත්වය තීව්ර කෙරෙන අතර වෘත්තීය ජයග්රහණයන් ලබයි. එහෙත් අනපේක්ෂිත කඩාවැටීම් සහ අදෘශ්‍යමාන පීඩනයන්ට ගොදුරු වෙයි. රෝග පීඩා සහ අනතුරු බහුල සමයකි.
10. මකර ලග්නයෙන් 07 වැන්න සහ ලග්න ශීර්ෂය අතර රාහු කේතු අක්ෂය විහිදෙයි.අති ධාවනකාරී අදූරදර්ශී තීරණ ගැනීමට ඉක්මන් වීමත් එහි විපාකයක් වශයෙන් විවාහය ඇතුළු හවුල් ව්‍යාපාර සමාජ සබඳතා යනාදිය පලුදු වීමටත් උත්තේජනය සපයයි. සැලසුම් සහ හවුල් අවුල් වෙයි. ක්ෂණික කෝපය නොරිස්සුම ආතතිය ඉහළ නැංවෙන අතර යුග දිවියේ නීරස බව සහ හවුල්කරුවන් වෙතින් අවාසි ලබයි. අලුත් අලුත් දේ සෙවීමට වඩා තිබෙන දෙය රැක ගැනීම වැදගත් ය. අභූත චෝදනා හමුවේ නිහඬ වන්න. සුළි සුළං ප්රවාහයකට මැදි වූවෙකු එය පහව යනතුරු හිස පහත් කැරගෙන සිටින්නාක් මෙන් වූ උපායක් අනුගමනය කරන්න.
11. කුම්භ ලග්නයෙන් 06 වැන්න සහ 12 වැන්න අතර රාහු කේතු අක්ෂය විහිද යන අතර මෙය ඉතා යහපත් ප්‍රබල පිහිටීමකි. සැමතින්ම වාසනාව උදාවෙයි. වැය අඩු වී අය වැඩි වෙයි. කායික මානසික ප්රබෝධය රජකරයි. ජයග්‍රාහී ගමනක ආරම්භය සනිටුහන් වෙයි. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සුක වන්න.
12. මීන ලග්නයෙන් 05 වැන්න සහ 11 වැන්න අතර විහිද යන රාහු කේතු අක්ෂය අවදානම් සහගත වෙයි. මෙය ඍජුවම රැකියාව සහ ව්‍යාපාරික කර්මාන්ත ආදියේ
පසුබෑමකි. තනතුරු ආදිය අහිමිවන කාලයකි.12 වැන්නේ යුරේනස් ද පීඩාකාරීවන හෙයින් ඉවසිලිමත්වීම මැනවි.